17 April, 2017

සංජේ දත්ට යළි වරෙන්තු

Sanjay Dutt back warrants

චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු විසින් සිදුකරන පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සුප්‍රකට බොලිවුඞ් සිනමා නළු සංජේ දත්ට එරෙහිව මුම්බායි අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සංජය දත් 1993 වසරේ මුම්බායි නගරයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් නීතිවිරෝධී ආයුධ පනත යටතේ දඩුවම් ලබා නිදහස ලැබූවේ පසුගිය වසරේදීයි.

ඔහුට විරුද්ධව දැන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ශකීල් නූරානි නමැති සිනමා නිෂ්පාදකවරයෙක්.

ඒ සංජේ දත් 2002 වසරේදී ජාන් කී බාසි චිත්‍රපටයේ රඟපෑමට පොරොන්දු වී අත්තිකාරම් ද ලබාගෙන ඉන් ඉවත්වූ බවට චෝදනා නගමින්.

නඩුව ඉවත් කර ගන්නා ලෙසට සංජේ දත් පාතාල ලෝකයේ සාමාජිකයන් ලවා තර්ජනය කරන බවට ද එම නිෂ්පාදකවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුවයි ඔහුට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංජේ දත්ට යළි වරෙන්තු"

    Post a Comment