17 April, 2017

දිනකට හතර පාරක් හමුදා සෙබලුන් සීයක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ පිරිමි දරුවා

Haiti-Child-abused-SL-army

හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් වල නිරත වී සිටින ශ්‍රී ලාංකීක හමුදා සෙබලුන් එම රාජ්‍යයේ වයස අවුරුදු 18 ට අඩු කුඩා දරුවන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර වාර්තාවක් මගින් තහවුරු වී ඇති බව ජාත්යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබේ. මේ වන විට එම පුවත සමාජජාල මාධ්‍යන් තුල සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ.

15 හැවරිදි පිරිමි දරුවකු විසින් දිනකට හතර වතාව බැගින් ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් සිය දෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට එහි සඳහන් වේ. 12 හැවරිදි දැරියක් පිළිබඳවද විශේෂයෙන් වාර්තා කර ඇත.

2004 -2007 කාලය තුලදී දරුවන් නම දෙනෙකු මෙම ලිංගික ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා හමුදා සෙබලුන් විසින් යොදවාගෙන ඇත.

යුධ අපරාධ සහ සමූහ ස්ත්‍රී දූෂණය පිළිබඳව ශ්‍රී ලංකා හමුදාවට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල වී ඇති අවස්ථාවක මෙවන් සිදුවීම් හරහා ජාත්‍යන්තරය හමුවේ අප දැඩි ලෙස අපකීර්තියට පත්වනු ඇති අතර මෙම පුවත් වාර්තා අසත්‍ය නම් අදාළ ආයතන වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කල යුතු අතර ඒවා සත්‍ය නම් අදාල හමුදා සමාජිකයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.

යම් හෙයකින් එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර සාම සාධක හමුදා සේවයෙන් ඉවත් කලහොත් එය මෙරට හමුදාවලට සිදුවන දරුණු ගණයේ කලු පැල්ලමක් වනු ඇති අතර එයින් වන පාඩුව ඉතා විශාලය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිනකට හතර පාරක් හමුදා සෙබලුන් සීයක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ පිරිමි දරුවා"

    Post a Comment