15 August, 2017

අනියම් සැමියා සමඟ සිප ගන්නා ඡායාරූප සැමියාට හා දරුවන්ට පේන්න ෆේස්බුක් දාපු දෙදරු මව

TITLE
FilePhoto
සිය අනියම් සැමියා ලබා ගත් ඡායාරූප ෆේස්බුක් සමාජජාලය වෙත මුදාහරිමින් සැමියා සහ දරුවා අපහසුතාවයට පත් කළ නරුම මවක් පිළිබද පුවතක් වාර්තා වෙනවා.
ඒ මහරගම ප්‍රදේශයෙන්,

සැකකාර කාන්තාව සැමියා සහ දරුවන් අතහැර අනියම් සැමියා සමග පළා ගොස් ඇති අතර ඉන්පසුව සැමියා සහ දරුවන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අනියම් සැමියා සමග ලබාගත් ඡායාරුප මෙසේ ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය වෙත එක්කර තිබෙනවා.

සිදුවීම පිළිබදව එම කාන්තාවකගේ නිත්‍යානූකූල සැමියා විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබදව විමර්ෂණය කිරීමට අනියම් සැමියා සමග පැනගොස් සිටින පැමිණිලිකරුගේ බිරිය හා ඇගේ පෙම්වතාට පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමකට අනුව ඔවුන් පොලිසියට පැමිණියා.

සිද්ධියට අදාළ ෆේස්බුක් ඡායාරූප පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට එම යුවළ සිප වැළඳගනිමින් සිටින ඡායාරූප රැසක් ෆේස්බුක් ගිණුමක් තුළ තිබී හමුවූ අතර ඒවා සැමියාගේ ෆේස්බුක් ගිණුමට හා දරු දෙදෙනාගේ ගිණුම් වලට එක් කර තිබෙන අයුරුද හඳුනාගත හැකි වී තිබෙනවා.

මේ ආකාරයට අදාළ මව හැසිරී ඇත්තේ දිගින් දිගටම නිත්‍යානූකූල සැමියා විසින් අනියම් ඇසුරට දොස් පවරමින් ලබාදෙන දුරකථන ඇමතුම් වලට එකට එක කිරීමට බව ඇය විසින් පොලීසියේදි ප්‍රකාශ කර තිබුණා.

සිද්ධිය නිසා එම දරුවන්ට පාසල තුළදී අපහසුතා ඇතිව තිබෙන අතර ඒ වනතුරු සිද්ධිය නොදැන සිටි ඥාති හිතවතුන් දිගින් දිගටම ඔවුනගේ පෞද්ගලික කරුණු විමසමින් ඇමතුම් ලබාදී තිබෙන නිසා තමන් ද විශාල අපහසුතාවයකට මුහුණ දී තිබෙන බවයි සැමියා මෙහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව පොලීසිය විසින් අදාළ සැකකරුවන් යුවළ නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් සැමියා සමඟ සිප ගන්නා ඡායාරූප සැමියාට හා දරුවන්ට පේන්න ෆේස්බුක් දාපු දෙදරු මව"

    Post a Comment