18 April, 2017

"මම ජාතිවාදියෙක් නොවෙමි - මරික්කාර්" ~ "ඔයාගේ හැටි ගංවතුර දවස්වල හොඳින් තේරුම් ගත්තා - විමාන්"

SM Marikkar-FB-Post2017-04-18_16-52-20

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පිළිබඳව මේ දිනව වල වැඩි වශයෙන් අදහස් පල වනවා.

ඒ කොළොන්නාව ආසනයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු  ඔහු මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකිරීම සහ ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මරික්කාර් මහතාට චොනදා එල්ල වන්නේ ඔහු ජාතිවාදියෙක් ලෙසයි.

මේ ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක්.

"සිංහල බෞද්ධ පාසලක උගත් මට මාධ්‍ය කාර්යභාරයක් පැවරුණු සැණින්, දින 365 ම රාත්‍රියෙන් පටන්ගෙන පසුදා පහන් වනතුරු ම පිරිත් විකාශය කිරීමේ තීරණය ගෙන එය ක්‍රියාත්මක කරන ලද්දේ.

රට පුරා පිහිටි මහත් දුෂ්කරත්වයෙන් පවත්වාගෙන යනු ලබන වෙහෙර විහාරස්ථාන 88 ක ප්‍රතිසංස්කරණ කටයුතු නිමාකරන ලද්දේ.

මගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු මාධ්‍යයේ පෝ දිනවල කිසිදු මස් මාංශ වෙළෙඳාමට අදාළ දැන්වීම් විකාශයට ඉඩක් ලබා නොදෙන ලද්දේ.

සිංහල සුභාවිත ගීතය නිසි නියම තහවුරු කර දෙනු පිණිස සුභාවිත ප්‍රසංග රැල්ලකට මූලිකත්වය දෙන ලද්දේ.
දැන්...

මාගේ ජාතිවාදය කුමක් දැයි ඔබ සිතන්නේද....?

අප ශ්‍රීලංකාවේ සියලු සම්මත ජාතීන්, සිංහ කොඩිය සෙවණේ ශ්‍රී ලාංකිකයන් හැටියට සිතීමද...?

එසේ නොවී කිසියම් ජාතියකට පමණක් පක්ෂපාතීව කටයුතු නොකිරීම මා කළ විශාල වරදක් ද...?

මා එතැනට තල්ලු කරන්නට කවුරු මාන බැලූවද මම මෙතෙක් සිටි ආස්ථානයේ ම නොසැලී සිටිමි.
එය මාගේ ප්‍රතිඥාවකි.

එය ම මට ආශීර්වාදයක් මිස දඬුවමක් නොවනු ඇතැයි මම දැඩිසේ විශ්වාස කරමි."



ඊට පිළිතුරු ලෙස විමාන් ගමගේ නැමැති තරුණයෙකු දක්වා තිබුණේ මෙවන් ප්‍රතිචාරයක්.



අංගොඩ මීටර් 20 තෙල් බෝක්කුවක කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවළියක් ගැන තවත් තරුණයෙක් චෝදනා කර තිබණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""මම ජාතිවාදියෙක් නොවෙමි - මරික්කාර්" ~ "ඔයාගේ හැටි ගංවතුර දවස්වල හොඳින් තේරුම් ගත්තා - විමාන්""

    Post a Comment