18 April, 2017

මං බාගෙට අදිනවා තමයි - අඩ නිරුවත මට අවුලක් නෑ - වෛශාවකගේ චරිතය වුනත් රගපානවා

yureni noshika-04

යුරේනි නෞෂිකා කියන්නේ අපිට ඉන්න නව පරපුරේ සුන්දර දගකාර කටකාර යොවුන් නිළියක්. යුරේනිව අදුන්නලා දෙන්න අමුතුවෙන් අටුවා ටිකා ඕන වෙන්නේ නෑ. ඒ හින්දා යුරේනි ලග දිග ඇරපු ප‍්‍රශ්න පත්තරේට ඇගෙන් උත්තර ලබා ගන්න අපි උත්සාහ ගත්තා.

ටීවී එකෙන් ආපු ඔයා දැන් ටීවී එක අමතක කරලද?

ආරාධනා නම් ඕන තරම් එනවා. ඒත් මෙගා වල රගපාන්න මගේ ලොකු කැමැත්තක් නෑ. ගුණාත්මක හොද නිර්මාණයක් කොටස් 50 ක වගේ එකක්
නම් මම ඒ ගැන හිතනවා.

අඩ නිරුවතින් රගපාන්න චාන්ස් එකක් ලැබුනොතින් මොකද කරන්නේ?

චරිතයට උවමනා නම් අඩ නිරුවත මට අවුලක් නෑ. හැබැයි ඒක නිර්මාණය ලස්සන වෙන්න කරන එකක්ද, නැත්නම් නිර්මාණය මාකට් කරන්න කරන එකක් ද කියලත් විශේෂයෙන් හොයලා බලනවා.

අඩ නිරුවත මාකට් වෙන්න හොද ක‍්‍රමයක් නේද?

සරලවම කිව්වොත් හිට් වෙන්න නම් මං අඩ නිරුවත ආභරනයක් කර ගන්නේ නෑ.

නිළියක් විදියට ඕනම චරිතයක් රගපානවද?

නිළියක් කියන්නේ ඕනම චරිතයක් රගපාන්න පුඵවන් කම තියන කෙනෙකුට. මං පිටපත හොද නම්, කතාව ඇතුලේ හොද කතාවකුත්, සමාජයට හොද පණිවිඩයක් දෙන්න දේකුත්, ඒකෙ තියනවා නම් වෛශාවකගේ චරිතය වුනත් මං රගපානවා. ඒක මට අවුලක් නෑ.

හැම තිස්සෙම මොකද බාගෙට ඇදගෙන ඉන්නේ?

හැම තිස්සෙම මං එහෙම අදින්නෙ නෑ. තැනට සුදුසු විදියටයි මං අදින්නේ. කොහොමටත් මං විලාසිතා කරන්නේ මගේ ඇගට ලස්සන විදිය බලලා. මට ලස්සන මිසක් සමාජය මොනවා කියයිද කියලා හිතලා මං විලාසිතා කරන්නේ නෑ.

දැන්වත් ඉතින් පෙම්වතා ගැන කියලා දාමු නේද?

කලින් මං පෙම්වතියක්. දැන් මං පෙම්වතියක් නෙවෙයි. පතපු කෙනා ලැබෙන කං මං මේ විදියට ඉන්නවා. අද බැදලා හෙට දික්කසාද වෙන්න මට ඕනකමක් නෑ. කොල්ලෙක් නැති වුනාට මේ තනිකඩ ජීවිතෙත් මම සතුටින් ඉන්නවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මං බාගෙට අදිනවා තමයි - අඩ නිරුවත මට අවුලක් නෑ - වෛශාවකගේ චරිතය වුනත් රගපානවා"

    Post a Comment