අලුත් අවුරුද්ද දවසේ අලුත් බලාපොරොත්තු පොදි බැඳන් තමන්ගේ ගෙදර නැකතට කිරි උතුරවලා මේ මිනිස්සු කොච්චර ප්‍රාර්ථනාවන් හිතන්නැතිද? නමුත් ඒ සියල්ල කුණු කන්දකට යටවුනේ ඔවුන්ගේ ජීවිත හා බැඳි සියල්ල සුනුවිසුනු කරමින්.
මේ මීතොටමුල්ලෙන් ඇසුණු තවත් එක් කඳුලු කතාවක්.
14 හැවිරිදි පසිඳු සංකල්ප පතිරණ දරුවාට මේ ඛේදවාචකයෙන් සිය පවුලේ සියලු දෙනාම අහිමි වෙලා
තියෙනවා.
මම අවුරුදු කෑම පිඟානක් අරගෙන මගේ යාළුවගේ ගෙදරට ගියා. ඒ ගිහින් එද්දී ගෙවල් පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. පස් තට්ටුවකින් ගෙවල් වැහිලා. අපේ ගේ තිබුණු තැන තිබුණේ පස් තට්ටුවක් විතරයි කියලායි පසිඳු කියන්නේ.
තමන්ගේ පවුලේ අයගේ නිසල දේහයන් අසල සිට පසිඳු සිසුවා පවසා තිබෙන්නේ තම යහළුවාට අවුරුදු කෑම පිඟානක් ගෙන ගිය බැවින් තම දිවි බේරුණත් තම පවුලේ සාමාජිකයන් සහ ගමේ බොහෝ දෙනෙක් තමාට අහිමි වූ බවයි.
පසිඳු දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
මෙම සිද්ධියෙන් පසිඳුගේ පියාවන පතිරණගේ නන්දසිරි මව වන ගයනි මේනකා සිය වැඩිමහල් සොහොයුරා වන චරත් කෞෂල්‍ය සහ බාල සොහොයුරු ඕෂධ ගිම්හාන යන අය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෝ සුසුම් මැද එම සිව්දෙනාගේ අවසන් කටයුතු ඊයේ සන්ධ්‍යාවේ සිදුකෙරුණා.

Share this
|
|
0 Comment to "කැවිලි පිඟාන දීලා එද්දි පවුලේ කවුරුත් නෑ - ගේ තිබුණු තැන පස් තට්ටුවක් – මීතොටමුල්ලේ පසිඳු කිව්ව සංවේදී කතාව"
Post a Comment