24 April, 2017

රට ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නබව කියන “SF ලොක්කා“ ගේමක් දී අයෙත් හැංගිලා

SF Lokka-Iron Ranasinghe

අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා නමැත්තා පසුගියදා වීඩියෝවක් ප්‍ර‍සිද්ධ කරමින් පැවසුවේ රට සහ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනා බවය.

එම ජාති මාමකයා ලීසින් සමාගමක් විසින් වාරික ගෙවීම පැහැර හැර තීබූ වාහනයක් රැගෙන යම්න් සිටියදී එය පැහැරගෙන ගොස් සඟවා තිබියදී හසුව තිබෙනවා.

ලීසින් සමාගමක් විසින් අත්පත්කර ගෙන කොළඹ පිහිටි මූල්‍ය ආයතනයට ගෙන යමින් තිබියදී ටියුෂන් ගුරුවරයෙකුගේ කොන්ත්‍රාත්තුවක්මත බලහත්කාරයෙන් පැහැරගත් සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුළමේ පිහිටි නිවසක සගවා තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (23) රාත්‍රීයේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය (21) වනදා සවස අනුරාධපුර පැරණි පූජා නගරයේදී මල්අතු පටුමග ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැමිණි එස්.එෆ්. ලොක්කා ඇතුළු මැරයන් තිදෙනෙකු ලිසිං සමාගමේ අත්පත්කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව කොළඹට ගෙනයමින් තිබූ රුපියල් කෝටී එකහමාරක් පමණ වටිනා ජීප් රථය පැහැරගෙන තිබෙන අතර රථය පැහැර ගැනීමෙන් අනතුරුව එස් .එෆ් ලොක්කා විසින් රථය ටියුෂන් ගුරුවරයා වෙත බාරදී තිබෙනවා.

ටියුෂන් ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත් තුවක්මත රථය පැහැර ගැනිම සිදුව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පොලිස් භාරයට ගත් සැකකාර ටියුෂන් ගුරුවරයා පොලිසියට පවසා ඇත්තේ ලීසින් සමාගම රැගෙන ගිය රථය පැහැර ගැනීම සදහා කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා නොදුන් බවය.

රථය පැහැර ගැනීමෙන් අනතුරුව පොලිසියට බියෙන් පළාගොස් සැගව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රට ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නබව කියන “SF ලොක්කා“ ගේමක් දී අයෙත් හැංගිලා"

    Post a Comment