16 April, 2017

ඉස්ලාමයට අපහසා කළැයි නිරුවත් කොට පහර දී මරා දැමූ සරසවි සිසුවා

Mashal-Khan-01

ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකළේ යැයි පවසමින් පාකිස්තානයේ විශ්වවිද්‍යාල සිසුවෙකුට එම විශ්වවිද්‍යාලයේම පිරිසක් පහරදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාෂල් ඛාන් නමැති මෙම සිසුවාට පහරදෙන වීඩියෝ දර්ශන පවා අන්තර්ජාලයට මුසුවී ඇති අතර, අතිශය කෘර අන්දමින් සිදුවන පහරදීම දැකීමෙන් තමන් දැඩි කම්පනයකට හා දුකකට පත්වූ බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

නීතිය ජනතාව අතට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පවසන අගමැතිවරයා, මෙවැනි හැසිරීමක් කිසිසේතම අනුමත කළ නොහැකි බවද පවසා තිබේ.

ජනමාධ්‍ය හදාරමින් සිටි මෙම සිසුවා නිරුවත් කොට ඔහු බිම දමමින් බොහෝ දෙනෙකු වටවී ඔහුට පයින් පහරදී ඇති අතර, ඇතැම් අය ගල්මුල්වලින්ද ඔහුට පහරදී තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට මනුෂ්‍ය ඝාතනය හා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ චෝදනා ගොනුවී තිබේ.

පාකිස්තානය ආදී ඉස්ලාමීය රාජ්‍යයන් තුළ දේව අපහසාය අතිශය සංවේදී කාරණයක් ලෙස පෙන්වාදෙන විදෙස් වාර්තා මෙය සෙසු ආගමිකයන්ගේ හා එම මතයට විරුද්ධව යන්නන්ට මරණය අරුම කරදෙන ම්ලේච්ඡ තත්ත්වයක් ලෙසද පෙන්වා දෙයි.

mashal khan-02


Mashal Khan Beating

(නරේන් විශ්වජිත් - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉස්ලාමයට අපහසා කළැයි නිරුවත් කොට පහර දී මරා දැමූ සරසවි සිසුවා"

    Post a Comment