17 April, 2017

“නැගිටින්න නැගිටින්න - යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්” – ආරක්ෂක නිළධාරීන්ට ජනපති කියයි..! (Video)

Maithripala Sirisena Instruct STF

අලුත් අවුරුදු දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණ සිටියා.

එම අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි එක් විශේෂ කාර්‍ය බලකා සාමාජිකයෙක් බුලත්අත දී නැමී ආචාර කළ අවස්ථාවේ ජනාධිපතිතුමා පැවසූ වේ එසේ නොකරන ලෙසයි..

“නැගිටින්න නැගිටින්න…යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්..බුලත් අත දීලා යන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පවසනවා.

ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන බවයි වාර්තා වන්නේ.

තවද සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන බව මීට ප්‍රථමද වාර්තා වී තිබුනා.

එහි වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“නැගිටින්න නැගිටින්න - යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්” – ආරක්ෂක නිළධාරීන්ට ජනපති කියයි..! (Video)"

    Post a Comment