19 April, 2017

ගිණිතියා පැන යන්නට තැත්කළ පෙම්වතා තදින් වැළඳගෙනම එළොව ගිය පෙම්වතිය

Love couple burned

අනියම් පෙම්වතුන් දෙදෙනෙක් මිය යෑමේ අනුවේදනීය සිද්ධියක් ගාල්ල අක්මීමන පින්නදූව පුහුලහේන ගම්මානයෙන් 18දා සිදුව ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වඩු කාර්මිකයෙක් වූ 51 වැනි වියේ පසුවූ සුනිල් පෙරේරා නමැති අයෙකි. මියගොස් ඇති කාන්තාව පත්තිනිගේ ආරච්චිගේ කෝදාගොඩ නමැති 49 වැනි වියේ පසුවන කාන්තාවකි. මියගොස් ඇති පුද්ගලයා වඩු කාර්මිකයෙකි. මියගිය කාන්තාව සුළු වෙළෙඳ සලක් පවත්වා ගෙන යන කාන්තාවකි. මේ අනියම් පෙම් යුවළම එම ප්‍රදේශයේම පදිංචිව සිටින බැව් අක්මීමන පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන ආකාරයට සිද්ධිය මෙසේය. මේ මියගිය යුවළ විවාහකයෝය. එහෙත් කලක සිට මේ දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් හොර රහසේම පවත්වාගෙන ගොස් ඇත.

සුපුරුදු පරිදි පසුගිය 2017/04/17දා මේ අනියම් යුවළ හොර රහසේ හමු වී ඇත. මෙහිදී සිදුවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පසුව වඩුකාර්මික අනියම් පෙම්වතා වෙළෙඳ සලක් පවත්වාගෙන යන අනියම් පෙම්වතියට නියනකින් ඇන පහර දී තුවාල සිදු කර අනියම් පෙම්වතියගේ සිරුරට ගිනි තියා අනියම් පෙම්වතා වූ වඩු බාස් පැන යන්නට තැත් කළේය.

එහෙත් මරණයේ වේදනාවෙන් හා තම සිරුරට ගිනි ඇවිළෙමින් සිටියදීම අනියම් පෙම්වතිය වහා පැන අනියම් පෙම්වතා වූ වඩු බාස්ද ගින්දර මැද වැලඳ ගෙන ඇත. බදාගෙන ඇත. මේ අනුව පෙම්වතිය පෙම්වතාට තම ග්‍රහණයෙන් ගැලවී ඉවතට යන්නට අවස්ථාව නොදී තරයේ අල්ලාගෙන සිටියහ. මේ නිසා මේ අනියම් පෙම්වතිය හා පෙම්වතා ඉතා දරුණු ආකාරයේ පිලිස්සුම් තුවාල ලබා සිටියදී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අනුව අද 18දා සැන්දෑවේ මේ අනියම් පෙම් හුටපටයට ගොදුරුව සිටි යුවළ මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයද සිදු කිරීමට නියමිතිව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අක්මීමන පොලිසිය පොලිස් පරීක්ෂණ පවත්වයි. (ගාල්ල - විමුක්ති ගාල්ලගේ, ගාල්ල - එච්. පරණවිතාන, අක්මීමන - තේජා සිංහබාහු, රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි - mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගිණිතියා පැන යන්නට තැත්කළ පෙම්වතා තදින් වැළඳගෙනම එළොව ගිය පෙම්වතිය"

    Post a Comment