25 April, 2017

බීමතින් කාන්තාවකට අතවර කළ වියපත් පුද්ගලයා

rape-03

බීමතින් කාන්තාවකට අතවරයක් සිදුකිරීමට තැත් කළ වයෝවෘද්ධ පුද්ගලයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (24දා) නියෝග
කළාය.

ගාලුමුව‍ෙදාර පිට්ටනියේ අදාළ කාන්තාව රැඳී සිටියදී වයෝවෘද්ධ පුද්ගලයා අතවර කිරීමට තැත්කිරීම ගැන එම කාන්තාව කොටුව කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුට අතවරයක් සිදුකිරීමට චේතනාවක් නොතිබූ බවත් ඔහු අධික බීමතින් සිටීම මත අතවර කිරීමට තැත්කර ඇති බවත්ය.

අමිල අබේරත්න (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බීමතින් කාන්තාවකට අතවර කළ වියපත් පුද්ගලයා"

    Post a Comment