03 March, 2017

ට්‍රම්ප්ට පවුම් මිලියන 1.2 ක්‌ වටිනා රොකට්‌ වලට ඔරොත්තු දෙන වාහනයක්‌

trump-new-car-the-beast-01

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහා නිපැවූ මෘගයා (The Beast) නමින් හඳුන්වන මෝටර් රථයේ දොරවල් අඟල් අටක ඝණකමකින් යුක්‌ත බව අනාවරණය වී ඇත.

ස්‌ටර්ලින් පවුම් මිලියන 1.2 ක්‌ වටිනා මෙම රථය වෙඩි නොවදින ආවරණයකින් යුක්‌තය.

කැඩිලැක්‌ වර්ගයේ මෙම රිය රොකට්‌ සහ රසායනික ප්‍රහාරවලටද ඔරොත්තු දේ.

මෙම මෝටර් රියේ ඇති අනෙකුත් උපකරණ මෙසේය.

# ඇමරිකානු රාජ්‍ය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උප ජනාධිපති ඇමතිය හැකි සෘජු පණිවුඩ පද්ධතිය,
# තමන් සිටින ස්‌ථානය දැන ගැනීමට හැකි ජී. පී. එස්‌. ක්‍රමය,
# ගිනි නිවන පද්ධතිය,
# සන්නාහ ආවරණය සිදුරු කිරීමට නොහැකි උපාංග,
# බෝම්බ ප්‍රහාරවලට වාහනය ඔරොත්තු දීම,
# ට්‍රම්ප් ජනපතිගේ ලේ සහිත බෝතලයක්‌,
# අත් තුවක්‌කු කීපයක්‌,
# වෙඩිවලට ඔරොත්තු දෙන කෙල්වින් ටයර්,
# අඟල් පහක ඝණකමකින් යුත් වාහන බඳ.

_දිවයින

trump-new-car-the-beast-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ට්‍රම්ප්ට පවුම් මිලියන 1.2 ක්‌ වටිනා රොකට්‌ වලට ඔරොත්තු දෙන වාහනයක්‌ "

    Post a Comment