කවද්ද දසුන් නිදහස් වුණේ?
මම කවදත් නිදහසේ තමයි හිටියේ.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්ත නිසා දසුන්ව අත්අඩංගුවට ගත්ත කියලා විදෙස් වෙබ් අඩවියක පළ කිරීමක් කරලා තිබුණා. මොකක්ද දසුන් මේ කතාව?
ඒක මගේ නම කැත කරන්න ප්ලෑන් කරගෙන දාපු කතාවක්. එක එක අය කතා කරලා උදේ පාන්දර එහෙම දෙයක් කියද්දී මම හිතුවේ ඒක විහිළුවක් කියලා. හැබැයි ඒ පැතිරෙන කතාවේ බරපතළකම පස්සේ මටත් තේරුණා.
මේ කතාව පැතිරෙද්දි දසුන් කොහෙද හිටියේ?
මම හිටියේ ගෙදර
එතකොට ගෙදර හිටපු දසුන් ගැනද මෙහෙම කතාවක් පැතිරුණේ?
ඒක තමයි. මම නිවැරැදියි කියලා ඔප්පු කරන්න මට සාක්‍ෂි තියෙනවා. මම 2013 තමයි ඩුබායි ගියේ. ඒකත් මියුසික් වැඩකට. මම ලන්ඩන් ගිහින් නැහැ. මං ගැන දන්න අය දන්නවා. මං ගැන දන්නේ නැති අය හිතන්නේ මම මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා එනවා කියලනේ. ඒක මට කැළැලක්.
ඉතින් චරිතයට කැළැලක් වෙන කතාවක් පැතිරෙද්දි දසුන් නීතිමය ක්‍රියාමාර්ගයකට හරි අවතීර්ණ වෙන්න ඇතිනේ?
ඔව්. metro-uk.com කියන වෙබ් අඩවිය කළ පළ කිරීම ගැන මම ගල්කිස්ස පොලිසියට පැමිණිලි කළා. මේක බොරු චෝදනාවක්. ඒකයි මම ගිහින් පැමිණිල්ලක් දැම්මේ. අපි ප්‍රසිද්ධ නිසා අපිට මිනිස්සු මඩ ගහනවා. ඒත් මත්ද්‍රව්‍ය සම්බන්ධ දේකට මගේ නම ගාවලා මඩ ගහන එක බරපතළ දෙයක්.
කරපු නැති දේකට දසුන්ගේ නම ගෑවුණේ කොහොමද?
මම බැලුවා මගේ නමට වෙන කෙනෙක් හරි විදේශ ගත වෙලා තියෙනවද කියලා. ඒ වෙබ් අඩවිය මගේ ඡායාරූපයකුත් එක්ක පළ කරලා තිබුණේ. කරපු නැති දේකට මගේ නම ගෑවුණේ. මේ වගේ දෙයක් වුණාම හරි වැරැද්ද හොයන්නේ නැතිව සමහරු මඩ ගැහුවා. ඒ නිසා මම කට වහගෙන හිටියේ නෑ. මගේ නිවැරැදි බව මාධ්‍යවලින් කිව්වා.
පැතිරෙන කතාව නිසා දසුන්ට මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
දන්න අය මං
ගැන දන්නවා. සමහරු නරක කියනවා. මම මේ තැනට ආවේ පුදුම කට්ටක් කාලා. මගේ නමට මේ වගේ දේකින් හානියක් කළාට මම සැලෙන්නේ නෑ. මේ වගේ දේවල්වලට මාව වට්ටන්න බැහැ. මම ගායකයෙක් මිසක් ජාවාරම්කාරයෙක් නෙවෙයි. මෙහෙම දෙයක් පැතිරෙද්දි කනගාටුවක් තියෙනවා.
දසුන්ට මඩ ගහන්න වුවමනාව තියෙන තරහාකාරයෝ ඉන්නවද?
තරහාකාරයෝ ඇති. මම මගේ විදියට ජීවත් වෙන කෙනෙක්. මගේ විදිය අල්ලන්නේ නැති අය මේ වගේ පහත් වැඩ කරනවා ඇති.
ඒත් මේ කතාව මතු වෙන්නේ විදෙස් වෙබ් අඩවියකින්නේ?
ඒක තමයි. ඒ වෙබ් අඩවිය මීට කලින් එක එක රටවල ජනප්‍රිය පුද්ගලයන්ට මඩ ගහලා තියෙනවා. මම හිතන්නේ එයාලට ලංකාවෙන් මඩ ගහන්න අහුවුණු පළමුවැනි කෙනා මමද කොහෙද. බොරු නඩුවකට මට කරගහන්න බෑ. මට ලස්සන කටහඬක් රූපයක් තියෙනවා. මම සල්ලි උපයන්නේ සාධාරණව. ඒ නිසා කවුරු නඟන චෝදනාවක් වුණත් ප්‍රතික්ෂේප කරන්න මං ළඟ සාක්‍ෂි තියෙනවා.
මේ වගේ අනිසි ලේබලයක් වැදුනම ඒ ලේබලය ගලවගන්න පහසුද?
මගේ අම්මා, තාත්තා මං ගැන දන්නවා. මම නිවැරැදි නම් කාටවත් බය වෙන්න වුවමනා නෑ. බුකියේ වීරයෝ පෝස්ට් හදාගෙන කෑ ගහන්න ගත්තා. කලාකාරයෝ පාගලා ඔවුන්ව වට්ටලා ආතල් ගන්න ඒ අය උත්සාහ කරන්නේ. මම නම් කියන්නේ තව මට මඩ ගහන්න. මම ඕවට වැටෙන්නේ නෑ.
දසුන්ගේ පොඩි වයසට ඔය මඩ ඔරොත්තු දෙනවද?
මම හොඳට මඩ කාලා, කටු කාලා මේ තැනට ආවේ. මඩවලට බය වෙලා මම නිකන් හිටියේ නෑ. මම මට කරන්න පුළුවන් දෙයින් උපරිම දේ කළා. මත්ද්‍රව්‍ය වගේ අදාළම නැති චෝදනාවකට මාව සම්බන්ධ කරලා තියෙන්නේ. කමක් නෑ මේවා හොඳ පාඩම්. පල ඇති රුකටනේ ගල් ගහන්නේ
මේ කතා එක්ක ගීත නිර්මාණ කටයුතු මඟහැර ගනියිද?
මගේ සින්දුවක් එනකල් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මේ වගේ දේවල් නිසා මගේ ගමන නවත්තන්නේ නෑ. මම සැලෙන්නේ නෑ. නිර්මාණයක් එළියට දාන්න මේක හොඳ අවස්ථාවක්. ඉදිරියේදී මගේ ගීතයක් වීඩියෝවක් එක්කම එළියට එයි. දිගටම මාත් එක්ක ඉන්න කියලා මගේ රසිකයන්ට කියනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
ඡායාරූපය - අශාන් ගමගේ

Share this
|
|
0 Comment to "මම ගායකයෙක් මිසක් ජාවාරම්කාරයෙක් නෙමෙයි - දසුන්"
Post a Comment