06 March, 2017

මිලට ගත් අලුත් ඇඳුම ගැන කෝප වී බිරියට ගිනි තැබූ නරුම සැමියෙක්

wife-beaten-by-husband

අවුරුදු 19ක් වයසැති තම තරුණ බිරියගේ සිරුරට ලාම්පුතෙල් වත්කර ගිනි තැබූ බව කියන 31 වියැති සැමියකු තෙරිපැහැ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (7දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලපනේ අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් කුමාරි ජයවර්ධන මහත්මිය නියෝග කොට ඇත.

ඉකුත් පෙබරවාරි 12දා හෝ එයට ආසන්න දිනයකදී සිදුව ඇති මේ සිදුවීමෙන් පිලිස්සුම් තුවාල ලබා තිබුණේ තෙරිපැහැ හිඟුරේවෙල පදිංචි රංජනී සඳමාලි නමැති විවාහක කාන්තාවකි.

දරුණු පිලිස්සුම් තුවාල සහිතව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබූ ඇය එහි දැඩි සත්කාර ඒකකයේ දින ගණනක් ප්‍රතිකාර ලැබුවාය. ඉන් අනතුරුව සාමාන්‍ය වාට්ටුවට මාරු කොට සිටියදී පවා ප්‍රතිකාර සඳහා මුවට සහ නාසයට දමා තිබූ
බට හේතුවෙන් ගිනි ගැනීම ගැන කටඋත්තරයක් ලබා ගැනීමට අපහසුවී තිබිණි.

කතා කිරීමට අපහසු තත්ත්වයේ සිටියදී පවා ඇය අංග චලනයෙන් කිසියම් හෙළි කිරීමක් සිදු කරන බව පැහැදිලි විය. ඒ ගැන අවධානයෙන් පසුවූ තෙරිපැහැ පොලිසිය පසුගිය දිනෙක ඇයගේ කට උත්තර ලබා ගනිද්දී පවසා ඇත්තේ සැමියා විසින් තමාගේ සිරුරට ලාම්පුතෙල් වත්කොට ගිනි තැබූ බවයි.

තමා අලුත් ගවුමක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් පසු මේ ගිනි තැබීම සිදු කොට තිබෙන බවද ඇය හෙළි කොට තිබිණි.

සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණේ ඇගේ කට උත්තරයෙන් පසුවය.

වලපනේ සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත තෙරිපැහැ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත විජේරත්න මහතාගේ මෙහෙය වීම මත උප පොලිස් පරීක්ෂක බෙලිගල්ල, පොලිස් කොස්තාපල් එරන්ද (73849) සහ කාන්තා පොලිස් කොස්තාපල් අනූෂා (1968) විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

-හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මිලට ගත් අලුත් ඇඳුම ගැන කෝප වී බිරියට ගිනි තැබූ නරුම සැමියෙක්"

    Post a Comment