මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල රොෂාන්තගේ වැඩකටයුතුත් එක්ක පොඩ්ඩක් බිසී වෙලා ඉන්නවා. සියත ටී.වී. එකෙයි සියත රේඩියෝ එකෙයි වැඩසටහන් ඔක්කොම අලුතින් පටන් ගන්න යනවා. ඒ වැඩවලට මම පොඩ්ඩක් එකතුවෙලා ඉන්නවා. ඊට අමතරව මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.
ඒ කියන්නේ සංගීතා ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවාද?
නෑ... අනේ... අධ්‍යක්ෂණය කරන්නේ නෑ. මම ටෙලිනාට්‍යක රඟපාන්න හිතාගෙන ඉන්නවා. ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නේ නැති නිසා ඒක ටිකක් වෙනස් අත්දැකීමක් වේවී. උනන්දුවෙන් ඒක වෙනස් විදිහට බලලා මම කරනවා. ඒ හැම දෙයක්ම ඉක්මනට කියන්නම්.
සියත වෙනස් වෙලාද...? සියත සමහරුන්ට විකුණලා කියලා රාවයක් යනවා. ඒක ඇත්තද?
නෑ... එහෙම විකිණීමක්වෙලා නෑ... සියත තාමත් අපේ
සියතට අලුතින් නිවේදක නිවේදිකාවන් ගන්නෙ... ඇයි මේ... එකපාරටම වුණ වෙනස මොකක්ද?
දීර්ඝ කාලයක් විවිධ ප්‍රශ්න මත අපි නිහඬව හිටියා. ව්‍යාපාරය කරගෙන යන්න කාගෙන්වත් කිසිම බලපෑමක් නැති නිසා දැන් අපිට ව්‍යාපාරයක් කරගෙන යන්න නිදහස තියෙනවා. ඒ නිදහස එක්ක අපිට අපේ වැඩකටයුතු අපිට පුළුවන් මට්ටමින් කරගෙන යනවා.
සියතට අලුතින් කට්ටිය ගන්න තියෙන විශේෂත්වය මොකක්ද...?
හැම චැනල් එකක්ම අලුතින් කට්ටිය ගත්තට එක එක කාලවලට අලුතින් කියලා අපි එහෙම ලොකුවට ගත්තේ නෑ. දෙතුන් දෙනෙක් අලුත් තමයි. නමුත් අපිට හැමදාමත් හිටපු ස්ටාෆ් එක අපිට අදටත් ඉන්නවා.
ආරංචියක් තියෙනවා ඒ ගත්තු සේවකයින්ට ලොකු වැටුපක් එක්ක ලොකු වරප්‍රසාද දීලා සියතට ගත්තා කියලා. ඒ කතාව ඇත්තද?
ඇත්තටම ලොකු වැටුපක් දීලා අපි ගත්තේ නෑ... මිනිස්සුන්ගේ අගය දන්න ව්‍යාපාරයක් හැටියට... ඒ වගේම ව්‍යාපාරයක් ගැන හොඳට දන්න කට්ටියක් හැටියට කිසිම කෙනෙක්ව
අඩුතක්සේරුවට ලක්කරන්නේ නෑ. ඒ වගේම අධිතක්සේරුවට ලක් කරන්නෙත් නෑ. ඕනෑම මනුස්සයෙක්ට වෘත්තීය වටිනාකමක් තිබෙනවා. අපි හැමෝටම යම්කිසි වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම අනුව අපිව ඒ මිනිසුන්ට සලකනවා. අපි අඩුතක්සේරු කරන්නෙත් නෑ. අධිතක්සේරු කරන්නෙත් නෑ.
සියත බලපත්‍රය කාට හෝ විකුණන්න තීරණයක් තියෙනවාද?
නෑ... එහෙම දෙයක් තීරණය කරලා නෑ.
සංගීතයි, ඔයාගේ මහත්තයාගෙයි, සියත කණ්ඩායමෙයි ඊළඟ පියවර මොකක්ද?
මම සියත කණ්ඩායමත් එක්ක වැඩකරන්නේ නෑ. මම රොෂාන්තගේ බිරිඳ විතරයි. මම රොෂාන්තගේ පටිපස්සෙන් ඉන්නවා විතරයි. රොෂාන්ත මොනවා හරි මට කිව්වොත් මම ඒ දේ කරලා දෙනවා. ඒ වගේම සියත කණ්ඩායම මට මොකක් හරි දෙයක් කිව්වොත් හරි ඇහුවොත් හරි ඒ දේ මම කරනවා. කියනවා. ඒ හැර සියත කණ්ඩායමට මම ඇඟිලි ගැසීමක් කරන්නේ නෑ. මම සියතේ අධ්‍යක්ෂිකාවක් නෙමෙයි. ඒකේ කිසිම තනතුරක් මම දරන්නේ නෑ. මම දරන්නේ රොෂාන්තගේ බිරිඳ කියන තනතුර තමයි.
කාර්ය බහුල ජීවිතයක් එක්ක ගෘහණියක්, බිරිඳක්, මවක්, කලාකාරියක් හා මේ හැම භූමිකාවක්ම සමබරව ගෙනියන්නේ කොහොමද?
පෝෂි ඉපදුණාට පස්සේ මම ගොඩාක් කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ. දුවගේ වැඩකටයුතු මම අදටත් හරිම ආසාවෙන් කරන්නේ. අම්මා කෙනෙක් විදිහට දරුවෙක් විදිහට බිරිඳක් විදිහට මට කළයුතු දේවල් තිබ්බා. කළහැකි දේවල් තිබ්බා. මගේ ජීවිතෙ මට යම්කිසි නිදහසක් තිබ්බා. මට මම කළයුතු සියලු වැඩකටයුතු නිදහසේ හොඳින් කරගෙන යන්න මට ලොකු ශක්තියක් වුණේ මගේ පවුල නිසයි. මේ කිසිම දෙයක් මට තනියම කරන්න ඕනේ වුණේ නෑ. අදටත් ඒ තියෙන ශක්තිය නිසා තමයි මේ හැම වැඩකටයුත්තක්ම සාර්ථකව සමබරව කරගෙන යන්න මට පුළුවන් වෙලා තියෙන්නේ.
කොහොමද දූ පැටියා?
අනේ... දැන් පෝෂිට අවුරුදු හතක් වෙනවා. එයා ඒ වයසත් එක්ක දඟකාරයි. හැබැයි හරීම හොඳ කීකරු දරුවෙක්. එයාට එකපාරක් කිව්වොත් ඒ දේ කරනවා. පෝෂි මොන වැඩක් කරගෙන හිටියත් මම මොකක් හරි එක පාරක් කිව්වොත් ගිහිල්ලා ඒක කරගෙන එනවා. පෝෂි වගේ දරු පැටියෙක් ලබන්න මම හරි වාසනාවන්තයි... ගිය ආත්මේ මම ඒ වෙනුවෙන් ලොකු පිනක් කරලා තියෙනවා.

Text — Dishani / Pic - FB

Share this
|
|
0 Comment to "සියත අපේ"
Post a Comment