20 March, 2017

Beauty And The Beast බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් ඉදිරියට

Beauty And The Beast

පසුගියදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Beauty and the Beast චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තයේදී වාර්තා කළ ඉහළම අදායම උපයා ගැනීමට සමත්වී ඇතැයි විදෙස් මාධ්‍යවාර්තා කරයි.

මිට පෙර එම
වාර්තාව පිහිටුවා තිබුණේ පසුගිය වසරේ තිර ගතවූ බැට්මෑන් වර්සස් සුපර්මෑන් චිත්‍රපටයයි.

චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තය තුළදී පමණක් Beauty and the Beast චිත්‍රපටය උපයා ඇති ආදයම ඇමරිකානු ඩොලර් මිලියන 170ක් බවයි වාර්තා වන්නේ.

1991 වසරේ බිහි වූ කාටුන් චිත්‍රපටයක් පාදක කර ගනිමින් මෙය නිර්මාණය කර තිබෙනවා.

විරූපි මිනිසෙකු සමග ආදරයෙන් බැදෙන සුරූපී තරුණියක් වටා මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙනවා.

_මිරර්ආර්ට්ස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "Beauty And The Beast බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් ඉදිරියට"

    Post a Comment