21 March, 2017

මොසූල්හි ගැටුම් උත්සන්න වීමත් සමග ගම්වැසියන් පළා යයි

iraq mosul

ඉරාකයේ මොසූල් නගරයේ ගැටුම් උත්සන්න වීමත් සමග සාමාන්‍ය වැසියන් එක් ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි වාර්තා වනවා.

ඉරාක රජයේ හමුදා නගරය අත්පත් කරගැනීම සඳහා මොසූල් නගරයට පිවිසීමත් සමග ගැටුම් උත්සන්න වී තිබෙනවා. එම පිරිසෙන් විශාල
සංඛ්‍යාවක් සරණාගත කඳවුරුවලට සහ උපකාරක මධ්‍යස්ථානවල රඳවා සිටින බව ඉරාක රජය සඳහන් කරනවා.

ගැටුම් නිසා ඉදිරියේ දී තවත් ලක්ෂ තුනක පමණ දෙනා නරගයේන පලා යනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.

එයි එස් ත්‍රස්තවාදීන් සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගෙන ඇති බැවින් ඔවුන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටින්නේ.

_රූපවාහිනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මොසූල්හි ගැටුම් උත්සන්න වීමත් සමග ගම්වැසියන් පළා යයි"

    Post a Comment