15 March, 2017

රට රැකියාව අපායක්‌ වී නිවසින් පලා ගිය තරුණිය හාමතේ මිය යයි

girl-murder-faint

ගෘහ සේවිකාවක්‌ ලෙස රැකියාවක්‌ සඳහා මැදපෙරදිග සේවය සඳහා ගිය 22 හැවිරිදි අවිවාහක තරුණියක ඇය සේවය කළ නිවසේ හාම්පුතුන්ගෙන් නිතර සිදු වන කෲරතර වධ බන්ධන ඉවසිය නොහැකි තැන ඇය සේවය කළ නිවසින් පලා ගොස්‌ එම ප්‍රදේශයේ පදිංචිය අත්හැර පාළුවට ගිය හුදෙකලා නිවසක දෙසතියක්‌ නිරාහරව සිට මියයැමේ ශෝචනීය සිද්ධියක්‌ පිළිබඳව මීගමුව හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ පැවැති මරණ පරීක්‌ෂණයකදී අනාවරණය විය.

මෙම ශෝචනීය ඉරණමට මුහුණ දී ඇත්තේ පරණ මස්‌කෙළියේ පදිංචිව සිටි පලියන්ඩි කරුපයියා දර්ශනී (22) නමැති අවිවාහක තරුණියයි.

මෙම මරණ පරීක්‌ෂණයේදී
හෙළිදරව් වූ සාක්‌ෂි අනුව මෙම තරුණිය දැනට වසර දෙකකට පමණ ඉහත කුවේටයේ ගෘහ සේවිකාවක්‌ ලෙස විදේශ ගත වී ඇත.

ඇය එම නිවසේ රැකියාවට ගිය අවස්‌ථාවේ පටන් ගෙහිමියන්ගේ කෲර වධ බන්ධනවලට ලක්‌ව ඇත.

තමාව ශ්‍රී ලංකාව ගෙන්වා ගන්නා ලෙස තම වැඩිහිටියන්ට සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කාලයක්‌ තිස්‌සේ වරින්වර දැනුම් දී ඇතත් ඵලක්‌ වී නැත.

පසුව තමා සේවය කළ නිවසින් රහසිගතව පලා ගොස්‌ එම ප්‍රදේශයේ තිබූ අත්හැර දැමූ නිවසක සැඟ වී ඇත. එහෙත් ඇය සැඟ වී සිටි සති දෙක කාලයට ඇයට ආහාර පාන කිසිවක්‌ ලැබී නොමැත. පසුව ඇය කුසගින්නේ මරණයට පත්ව ඇත.

මරණ පරීක්‌ෂණයේදී හෙළිදරව් වූ සාක්‌ෂි සහ අනිකුත් ඉදිරිපත් වූ සාක්‌ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‌ෂක සිරිජයන්ත වික්‍රමරත්න මහතා විසින් එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුව ලබා දෙන ලදී.

-මීගමුව සමූහ - විමල් කීර්ති_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රට රැකියාව අපායක්‌ වී නිවසින් පලා ගිය තරුණිය හාමතේ මිය යයි"

    Post a Comment