28 March, 2017

'රාජපක්ෂලාගේ කොමිස්' : RDA අධ්‍යක්ෂවරයකුට මරණිය තර්ජන ?

RDA director received death threats

දිගින් දිගටම එල්ලවූ මරණිය තර්ජන හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA ) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු සේවයට නොපැමිණ සැඟවී සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

තිලකසිරි ගාල්ලගේ නමැති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වෙත එසේ මරණිය තර්ජන එල්ලවී ඇත්තේ, පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඉඳිකළ මුලටියන - කොටපොල මාර්ගයට අදාළ රුපියල් කෝටි ගණනක් අමතර මුදලක් වංචනික අකාරයෙන් ලබාගැනීමට බලධාරීන් කිහිපදෙනෙකු ගන්නා උත්සාහයට එකඟ නොවීම නිසාය.

තම ජිවිතයට යම් අනතුරක් වුවහොත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානින් ඊට වගකිව යුතුව ඇතැයි ඔහු එම ආයතනයේ ඉංජිනේරු වෘත්තිය සමිතියට මේවනවිට ලිඛිතව ම දැනුම්දී ඇත.

මුලටියන - කොටපොල මාර්ගය ඉඳි කිරීම සඳහා රුපියල් බිලියන 2.2 ක මුදලක් ඇස්තමේන්තු කර තිබී ඇති අතර
කැටික් (CATIC) චීන සමාගම එහි කොන්ත්‍රාත්කරු ලෙසත් ශ්‍රී ලංකාවේ 'මාඝා' ඉංජිනේරු සමගම දේශීය නියෝජිතයා ලෙසත් කටයුතු කර තිබේ.

එහෙත් එම ව්‍යාපෘතියට රුපියල් බිලියන 3.8ක් වැයවී ඇතැයි පවසමින්, රාජපක්ෂ පාලනයේ ප්‍රබලයකුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අමතර මුදලක් ගැනීමට කටයුතු යොදා තිබුනද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටීම නිසා එම අසාර්ථකවී ඇත.

කෙසේවුවද එම අමතර ලබාදීම සඳහා ආයතනයේ බලධාරීන් කිහිප දෙනෙකු මෙවන විට බලවත් උත්සහයක් දරමින් සිටින අතර, ඊට අදාල ලිපිවලට අත්සන් කරන්නැයි එම ව්‍යාපෘතිය බාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවාවූ ගාල්ලගේ මහතාට පසුගිය කාලයේ දිගින් දිගටම බලපෑම් එල්ලවී තිබේ.

කුප්‍රකට රාජපක්ෂලාගේ ගාමිණී ?


මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වන ආර්.එම්. ගාමිණී නමැති අය එසේ බලපෑම් කල ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකේ.

රාජපක්ෂ පාලනයේ සිට අතිශයින් දුෂිත නිලධාරියකු ලෙස සැලකෙන මොහු මේවනවිට යහපාලන ආණ්ඩුවේ බලධාරීන්ටද තම ග්‍රහණයට ගෙන ඇති අතර, චීන සමාගම් හරහා සිදුකෙරෙන අධිවේගී ව්‍යාපෘති සියල්ල තමන් යටතට ගෙන තිබේ.

බලධාරීන්ට චීන කොමිස් මුදල් පමණක් නොව වෙනත් අකාරයෙන් සතුටු කිරීම් ද සිදුකරන මොහු ඒ හරහා මේවනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යපෘති) තනතුර අත්පත් කර ගැනීමට මානබලමින් සිටියි. ඒ ඔහුට වඩා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු සිටියදීය.

මහාමාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දීමේ දී වත්මන් ආණ්ඩුව පෙර පැවති ආණ්ඩුවටත් වඩා අන්ත දූෂිත අන්දමින් ක්‍රියා කරන බව දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දීමෙන් පසුව, මොහු විසින් සිදුකර ඇති වංචා දුෂණ පිළිබඳව ද ජනාධිපති කාර්යාලය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි විමර්ශන වාර්තාව ලබන සතියේ FCID ය වෙත බාරදීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'රාජපක්ෂලාගේ කොමිස්' : RDA අධ්‍යක්ෂවරයකුට මරණිය තර්ජන ?"

    Post a Comment