28 March, 2017

සැමියා පිටරට - පාළුව තනිකම මකා ගන්න කළේ - එයා අහයි දැන් නැටුවා ඇතිද කියලා

nirosha thalagala-02

නටන්න ගයන්න රඟන්න හැමෝටම බැහැ. ඒත් නිරෝෂා තලගල කියන්නේ ඒ හැමදේකටම දක්ෂ කෙනෙක්. ඇගේ ඒ අපුරූ හැකියාවට හැමෝම ආදරේ නිසා ඇය ගැන කතා කරන්න හිතුවා. මේ නිරෝෂා ඇය ගැන හිරු ගොසිප් එක්ක කළ සංවාදයයි.

නිරෝෂා තලගල මේ දවස්වල රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලාද..?
ටෙලිනාට්‍ය කිහිපයක්ම රූගත කරනවා වෙනවා මේ දවස්වල. තවත් කිහිපයක් විකාශය වෙනවා. අප්‍රේල් මාසයේ සම්පූර්ණයෙන්ම රූගත කිරීම් නතර කරන්න හිතාගෙන ඉන්නවා. අප්‍රේල් මාසයේ නටන්න කාලය වෙන් කරලා තියෙනවා.

අප්‍රේල් මාසයේ විතරද නටන්නෙ..?
අප්‍රේල් මාසයේ නටන්න මුල්තැන දීලා තියෙනවා. හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ සංගීත ප්‍රසංග වේදිකාවල මගේ කණ්ඩායමත් එක්ක නටන්න ආරාධනා වැඩිපුර ලැබෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ රඟපාන එක නතර කරලා නර්තනයේ යෙදෙනවා. අනිකා කලෙට තෝරා ගත්ත ප්‍රසංග වලට විතරයි සම්බන්ධ වෙන්නේ.

හැමෝම කියන්නේ නිරෝෂා තලගලට නටන්න පුළුවන් නිසා තමයි රඟපාන්න ලැබුණෙ කියලා..?
නටන්න පුළුවන් නිසා රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මට ඒ කාලෙත් රඟපාන්න පුළුවන්. මගේ සැමියාගේ උවමනාවටයි ආසාවටයි තමයි මම රඟපෑමට ආවේ. මුලින්ම වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඒ වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධ වුණු නිසා මට රඟපාන්න ආරාධනා ලැබුණා.

නිරෝෂාගේ දීගෙ කැඩුණා කියලා පහුගිය කාලේ ආන්දෝලනාත්මක කතාබහක ඇතිවුණා නේද..?
ඔව්.. මම මගේ සැමියාව අතඇරලා ගියා කියලයි කතාවක් පැතිරුණේ. ඒ කතාව අහලා මටයි සැමියටයි හිනා ගියා. දුකක් නම් හිතුණෙම නෑ.. ඒකෙන් අපි ඇස්වහ කටවහ දුරු කර ගත්තා.

කලාව නිසා කාර්යබහුල වෙනකොට කලා කටයුතුවලින් ඈත් වෙන්න කියලා සැමියා නීති දාලා නැද්ද..?
එයා මට කවදාවත් එහෙම කියන එකක් නැතිවෙයි. එයා විදේශ රටක ඉන්නෙ. හෙට අනිද්දම ලංකාවට එනවා. එයා පිටරට හිටපු නිසා පාළුව තනිකම මකා ගන්නත් එක්ක තමයි මම කාර්යබහුල වෙලා වැඩ කළේ. මං මහන්සි වෙලා වැඩ කරද්දි මහන්සි නේද කියලා අහනවා. නර්තනය කියන්නෙ මගේ ආත්මය වගේ දෙයක්. මම නටන එක නතර කරන දවසට එයා අහයි දැන් නැටුවා ඇතිද කියලා. එතකල් නටන්න වෙයි. රඟපාන එක එපා කිව්වොත් මං පොඩ්ඩක් අවුල් වෙයි. එයානේ රඟපාන්න යන්න කිව්වෙ. එයා එපා කිව්වොත් ඒ ගැන හිතලා බලනවා. කොහොම නමුත් මැයි මාසෙන් පස්සෙ අලුත් ටෙලිනාට්‍ය භාර ගන්නෙ නැතුව ඉන්නත් පොඩි කල්පනාවක් තියෙනවා.

සැමියා ගෙදර නෑ කියලා පවුලේ වැඩකටයුතුවලින් මග ඇරිලා ඉන්නවද..?
මගේ සැමියා අසේල ප්‍රියදර්ශන. මම දැන් ඉන්නෙ එයාගෙ ගෙදර. එයාගේ ගෙදර අය අසේල නැතිවුණත් මට හොඳට සලකනවා. හැම දෙයක් ගැනම හොයලා බලනවා. අපි විවාහ වෙලා අවුරුදු 8 ක් වෙනවා. මේ කාලය පුරාවට මගේ අම්මා තාත්තා වගේම ඒ ගෙදර අයත් මා එක්ක ඉන්න නිසා තවම මට ඒ ප්‍රශ්නය ඇති වෙලා නැහැ.

පුංචි පවුල සම්පූර්ණ කර ගන්න එකද ඊළඟ බලාපොරොත්තුව..?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව මෙච්චර කල්ගියේ අපි දෙන්නා ස්ථාවර වෙනකං. අපි දෙන්නා විවාහ වෙනකොට අපි ස්ථාවර වෙලා හිටියෙ නැහැ. ඒත් දැන් අපි ස්ථාවර වෙමින් සිටිනවා. ඒ නිසා ඒ ගැන හිතන්න පුළුවන් දැන්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියා පිටරට - පාළුව තනිකම මකා ගන්න කළේ - එයා අහයි දැන් නැටුවා ඇතිද කියලා"

    Post a Comment