28 March, 2017

ආණ්ඩුවට එරෙහිව සියලු බෞද්ධ සංවිධාන එක්වේ

Ranil-Maithri-Buddhist groups

ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (27 වැනිදා) පැවසූහ.

මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ එම අදහස්‌ පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදීය. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආණ්ඩුවට එරෙහිව සියලු බෞද්ධ සංවිධාන එක්වේ"

    Post a Comment