06 March, 2017

මට හමුවුණ හොඳම පිරිමියා ඔහු - පියුමි හංසමාලි

නිරූපණ ශිල්පියෙක් විදිහට හිටපු පියුමි එකපාරටම රඟපාන්න ආවේ කොහොමද?

මුලින්ම මං “Model of new Generation” තරගයට ඉදිරිපත් වුණා. අවුරුදු හයකට කළින් තමයි මම ඒකට ඉදිරිපත් වුණේ. එහෙම නිරූපණ ශිල්පියෙක් විදිහට හිටපු මට ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතුරතුරේ “රීතු” කියන ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකට මාව තෝරාගත්තේ මහේෂ් රත්සර මද්දුම ආරච්චියි, ශාන්ත සොයිසා මහත්තයයි.

පියුමි හිතුවද ඔයාට රඟපාන්න පුළුවන් කියලා...?

ඇත්තටම මමවත් හිතුවේ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. ඒනිසා ලොකු බයක් දැනුණා. ඊට කලිනුත් ටෙලිනාට්‍යවලට කතා කළාට මම බාරගත්තේ නෑ. මගේ හොඳම යාළුවෙක් තමයි පැතුම් රුක්ෂාන් කියන්නේ. ඉතින් පැතුම් ගොඩාක් මගේ බය නැති කළා. හැමෝගෙම උදවුවෙන් මම රීතුගේ චරිතය කළා.

රීතු කියන්නේ අහිංසක චරිතයක්නේ... පියුමි කියන චරිතය රීතුට සමානද නැද්ද...?

ඇත්ත පියුමි ටිකක් දඟකාරයි. කටකාර චරිතයක්. ඉස්කෝලේදී වුණත් මට ගැහැනු යාළුවන් වැඩිය හිටියේ නෑ. වැඩියෙන් හිටියේ පිරිමි ළමයි තමයි. අදටත් මට එහෙමයි. වැඩියෙන් ඉන්නේ පිරිමි යාළුවන් තමයි.

පියුමි ආයෙමත් කසාද බඳින්න යන කතාව ඇත්ත නේද?

නෑ... එහෙම දෙයක් තාම හිතලා නෑ. ඒක මගේ හොඳම යාළුවට මම දුන්නු සප්‍රයිස් පාටියක්.

වෙනුර තමන්ගේ හොඳම යාළුවා කියලා කියන්නේ පෙම්වතා කියලා ප්‍රසිද්ධියේ හඳුන්වලා දෙන්න බැරි හින්දද?

වෙනුර මට ගොඩාක් ආදරෙයි. එයා මට හොඳ යාළුවෙක්. ඒ නිසා තමයි එහෙම අපි පාටියක් දාලා ඒ වගේම ෆොටෝ දැම්මේ. ඒ හැර එහෙම දෙයක් අපි අතරේ නෑ.

ඔහොම කිව්වට ඔය යාළුකම ප්‍රේමයක් වෙන්න ඉඩ තියෙනවා නේද? ඕක යාළුකමට එහා ගිය ආදර කතාවක් නේද...?

දැනට අපි හොඳ යාළුවෝ විතරයි. වෙනුර හොඳ කෙනෙක්. මම මගේ ජීවිතේ දැකපු හොඳම පිරිමියා ඔහුයි.

කොහොමද වෙනුර මුණගැහුණේ?

වෙනුර මට මුණගැහුණේ සෙල්ෆියක් ගන්න ගිහින්. දවසක් මම මගේ යාළුවෝ කට්ටියක් එක්ක බීච් පාටියකට ගියා. ඒ ගිහින් ඉදිද්දී ගොඩාක් පිරිමි ළමයි ඇවිත් මාත් එක්ක ෆොටෝ ගත්තා. ඒ අරගෙන අපි එන්න
ලෑස්ති වෙද්දී වෙනුර මම ළඟට ඇවිත් එයාගේ ෆෝන් එකෙන් සෙල්ෆියක් ගමුද ඇහුවා. අපි ෆොටෝ එකක් ගත්තා.

ඊට පස්සේ මොකද වුණේ?

එයා ටී.වී. බලන කෙනෙක් නෙමේ. එයා මාව අඳුරගෙන හිටියේ නෑ. එයා එයාගේ ජීවිතේ පළවෙනි වතාවටලු ගෑනු ළමයෙක් එක්ක සෙෆියක් ගත්තේ. එයා මගේ යාළුවෙක්ගෙන් මගෙ නම්බර් එක ඉල්ලගෙන පැය දෙකකින් විතර කෝල් කරලා කෝපි එකක් බොන්න මුණගැහෙමුද කියලා ඇහුවා. මුලින් මම අකමැති වුණත් කතා කරද්දී එයා හොඳ කෙනෙක් වගේ දැනුණු නිසා මම වෙනුර මුණගැහිලා කතාබහ කළා.

දැන් මේ මිතුරුකමට කොච්චර කාලයක් ගතවෙලාද...?

අපේ යාළුකමට මාස අටක් විතර ඇති. ඇත්තටම වෙනුර කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. මගේ හැම දුකේදීම වෙනුර මාත් එක්ක හොඳ යාළුවෙක් හැටියට හිටියා. අපි දෙන්නම එකම වයස. එයත් මම වගේමයි. මම විදිහට තමයි එයත් හිතන්නේ. ගොඩාක් අය හිතනවා අපි ඇත්තටම පෙම්වතුන් කියලත්... අනේ මන්දා.

වෙනුරගේ පාටිය මේ විදිහට කරන්න හිතුණේ ඇයි...?

වෙනුරට මේ විදිහේ පාටියක් දෙමු කියලා මායි මගේ යාළුවෝ ටිකයි මමයි ප්ලෑන් කළේ. ගිය අවුරුද්දේ මගේ බර්ත් ඩේ එකට එයා යාළුවන් එක්ක සප්‍රයිස් පාටියක් මට දුන්නා. ඉතින් මමත් මගේ යාළුවොත් මෙයාගේ බර්ත් ඩේ එකට මෙහෙම දෙමු කියලා ප්ලෑන් කරලා මේ පාටිය දුන්නා. එයා ඇත්තටම එදා ගොඩාක් සතුටු වුණා.

ඔයා කියන ඔය යාළුවා පෙම්වතා වුණොත්...?

එහෙම දෙයක් ඇතිවෙයිද කියලා දන්නේ නෑ... දැන් අපි හොඳ යාළුවෝ විතරයි.

පුංචි පුතා දැන් ඉස්කෝලේ යනවා නේද...?

ඔව්... පුතා තමයි දැන් මගේ මුළු ජීවිතේ. පුතාගේ නම කාවිංග. මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ එයාටයි. දැන් පුතා ජාත්‍යන්තර පාසැලක දෙක වසරේ ඉගෙනුම ලබනවා. එයා හොඳට ඉගෙන ගත්තා. පුංචි වුණාට එයා ගෙදර මගේ වැඩවලටත් ගොඩාක් උදවු කරනවා. මම පුතාට ගොඩාක් ආදරෙයි. එයත් මට ගොඩාක් ආදරෙයි.

piyumi-wenura

Text – Jayamali / Pic- FB - saaravita 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මට හමුවුණ හොඳම පිරිමියා ඔහු - පියුමි හංසමාලි"

    Post a Comment