
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළිවූයේ පල්ලියගුරුගේ අලුත් චිත්‍රපටයට යොදා ඇති නම නිසා මේ රාවය පැතිර ඇති බවයි. ඔහුගේ අලුත් චිත්‍රපටය වන්නේ “පැණි මකුළුවෝ” ය.
දැලක් වියන්නට පමණක් වෙහෙස වී දැලේ පැටලෙන සතුන්ගේ මලකුණු හෙමින් හෙමින් බුදිමින් කුස පුරවා ගන්නා මකුළුවන් සේම අන්තර් ජාලයේ සැරිසරන වෙනස් මිනිස් කොට්ඨාසයක් සම්බන්ධයෙන් මේ සිනමා පටයෙන් කතා කෙරෙන බව පැවසේ.
පල්ලියගුරුගේ මේ සිනමා පටයෙන් අයිෂ් අතුකෝරාල, සිනමාවට ප්‍රවිශ්ඨවීමට නියමිත අතර බංග්ලාදේශ නිළි ප්‍රියෝනා ෆර්ලින් ද මේ
සිනමා සිත්තම හරහා සිංහල සිනමාවට එක්වන බව වාර්තා වේ. එසේම මෙහි සනත් ගුණතිලක හා දිනෙත් ද සිල්වා ද චරිත මවන බව පැවසේ.

_මිරර්ආර්ට්ස්




_මිරර්ආර්ට්ස්
Share this
|
|
0 Comment to "නෙට් එකේ අවලම් වැඩකරණ පැණි මකුළුවෝ"
Post a Comment