09 March, 2017

නිමල් පෙරේරා, ධම්මිකව හැරයයි

Nimal Perera

නිමල් පරේරා මහතා, කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සියලුම ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්ව ඇතැයි වාර්තා වේ.

නිමල් හා ධම්මික අතර ඇති වූ මතභේදයක් නිමල්, ධම්මිකව හැරයාමට හේතුවී ඇති බවද පැවසේ.

කෙසේවුවද, ඇතැමුන් පවසන්නේ නිමල්, ධම්මිකව හැරගියේ නිමල්ගේ ව්‍යාපාර දියුණුකර ගැනීමට බවයි.

ඒ අනුව, හේලීස්, හෙක්‍රබ්, කිංග්ස්බරී, අමායා ලෙෂර් සහ තලවකැලේ ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂ ධූරවලින් හා රෝයල් සෙරමික් සාමාන්‍යාධිකාරී ධූරයෙන්ද නිමල් මහතා ඉවත්ව ඇති බව පැවසේ.

ධම්මිකව පොහොසත් කළ මාර්ගෝපදේශක

ධම්මිකව පොහොසතෙකු කළ වැදගත් ආර්ථික මාර්ගෝපදේශක නිමල්ව ධම්මිකට හමුව ඇත්තේ ඔහු තිස්දෙහැවිරිදි වියේ පසුවෙද්දීය. ඒ 1999 වසරේදීය. එතෙක් මෙතෙක් ඔවුන්ගේ මිත්‍රත්වය වසර 18කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැතිණි.

මේ මාර්ගෝපදේශකයා සමඟ එක්‌ව ධම්මික 1999 දී විසි අවුරුදු ව්‍යාපාරික සැලැස්‌මක්‌ සකස්‌ කර ගෙන තිබේ.

එහි අරමුණ වී ඇත්තේ
වසර 2019 වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ 12 ක ප්‍රමුඛයා බවට ඔහු පත්වීමය.

මේ වන විට එකී ව්‍යාපාරික අංශවලින් 9 ක ප්‍රමුඛයා ලෙස ධම්මික කටයුතු කරයි.

සංචාරක ව්‍යාපාරය බැංකුකරණය සහ ඇඟලුම් ව්‍යාපාරය මේ ව්‍යාපාරවලට අයත්ය.

ධම්මිකගේ රෝයල් සෙරමික් ලංකා (Royal Ceramics Lanka) ආයතනය වසර 2010 දී හොඳම ආසියානු ශාන්තිකර සමාගම් 200 න් එකක්‌ ලෙස Forbes Asia සඟරාව විසින් ලැයිස්‌තු ගත කරන අවස්ථාවේ එහි ප්‍රධානියා වූයේද නිමල් පෙරේරාය.

එහි වාර්ෂික ආදායම ඒ වන විට ඩොලර් බිලියනයකට අඩුවූයේ ස්‌වල්පයක්‌ බව පැවසේ.

ඊට අමතරව නිමල් ධම්මික පෙරේරා සතු පෑන් ඒෂියා, ලංකා වෝල්ටයිල්ස්, හොරණ ප්ලාන්ටේෂන් වැනි සමාගම්වල ද ප්‍රධානම තනතුරු දරා තිබේ.

කුමාර් ගුණරත්නම් අකුරු කළ පින්නවල විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිමල් දක්ෂම ව්‍යාපාරිකයන්ගෙන් ද කෙනෙකි.

නිමල්, ධම්මිකට සමුදෙන්නේ ඔවුන් 1999 වසරේ තැනූ ඉලක්කය නිමා කිරීමට දෙවසරකට පෙරය. අදාළ ඉලක්කයට අනුව ධම්මිකට පළමු තැනට පැමිණීමට තවත් කේෂත්‍ර හතරක් තිබේ.

ධම්මිකට, නිමල් නැතුව මේ කඩඉම තරණය කළ හැකි වේද යන්න ඉදිරි දෙවසරේදී තීරණය වේ.

- srilankamirror

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නිමල් පෙරේරා, ධම්මිකව හැරයයි"

    Post a Comment