ඉතින් කොහොමද ජීවිතේ?
සතුටින්, සැහැල්ලූවෙන් ගත කරනවා. කාර්යබහුල නැති සාමාන්‍ය ජීවිතේ දැන් පුරුදුයි.
ඉස්සර රූපවාහිනියේ නිතර පෙණුනු නතාෂා දැන් සොයාගන්නත් නැහැනේ?
කලා වැඩවලින් නම් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නේ. කිසිම කලා වැඩක් කරන්නේ නැහැ. කාලය වැඩිපුරම ගෙවෙන්නේ උසාවි වැඩකටයුතු එක්කම තමයි.
කොහොමද උසාවියේ වැඩකටයුතු?
දැනට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ මම පුහුණුව ලබමින් වැඩකරගෙන යනවා. කොළඹ අලූත්කඬේ උසාවියට අනුයුක්තව තමයි සේවය කරන්නේ.
හිටිහැටියේම කලාවෙන් ඈත් වුණේ විවාහයෙන් පස්සේ ප‍්‍රිහාන්ගෙන් නතාෂාගේ කලා ජීවිතේට තහංචි වැටුණ ද?
කවදාවත් ප‍්‍රිහාන් මට තහංචි දාලා නැහැ. එයා අදටත් කියන්නේ මට කලාකටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා.
මම කලාවට එන්නේ වයස අවුරුදු අටේදි. අවුරුදු 15කට වැඩියෙන් මම කලා වැඩකටයුතු එක්ක එකතු වෙලා තියෙනවා. ගායනය, රංගනය, නිවේදනය මේ හැම දේකින්ම මම කලාවට සම්බන්ධ වුණා. නමුත් මම ඒ මොන දේ කරත් හැම කලා කටයුත්තකටම දායක වුණේ අර්ධ කාලීනව. පූර්ණ කාලීනව කලා වැඩවලට දායක වෙන්න මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම පුංචි කාලේ ඉඳලම ඕන වුණේ පූර්ණ කාලීන රැුකියාවක් කරන්න. අදටත් මම පූර්ණකාලීනව කරන්නේ මගේ නීතිඥ වෘත්තිය පමණයි.
දැන් ගෙවන ජීවිතේ නතාෂට හොඳයි කියලා හිතෙනවද?
ඇත්තටම කලා කටයුතු වලින් ටිකක් ඈත් වෙලා ගෙවන ජීවිතේ හොඳයි කියලා මට හිතෙනවා.
හේතුව හෙළි නොකරට හිතේ කළකිරීමක් තියෙනවා වගේ?
ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි. දැන් හැමදේම වෙනස් වෙලා. එදා මම ලංකාවේ පේ‍්‍රක්ෂකයෝ ආදරය කරන චරිතයක් බවට පත්වුණේ දැන් තියෙන ගොසිප් වෙබ් අඩවි නිසා නෙමෙයි. නමුත් අද වෙනකොට බොහෝ දෙනා ගොසිප් හරහා තමයි ජනප‍්‍රිය වෙන්න උත්සාහ කරන්නේ. මට ඒ තැනට පත්වෙන්න වුවමනාවක් නැහැ. කලාව කියන්නේ පේ‍්‍රක්ෂකයාගේ රසවින්දනයට නිර්මාණය වුණ දෙයක්. කලාව විකුණගෙන ගොසිප් නිර්මාණය කරගෙන ජනප‍්‍රිය වෙන්න මම කැමති නැහැ. ඇත්තටම මට දැන් කලාවේ රැුඳෙන්න ලොකු කැමැත්තක් නැහැ. කිසිම කළකිරීමක් නැහැ.
ඒ කියන්නේ නතාෂා කලාවෙන් ඈත් වුණේ කටකතාවලට බයේ ද?
කටකතාවලට නම් මම බය නැහැ. පුංචි දෙයක් වුණත් ලංකාවේ මිනිස්සු ප‍්‍රචාරය කරන්නේ ලොකු ප‍්‍රශ්නයක් ඇතිකරලා. මම මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. සමහරු ගොඩ දෙනෙක් ඒ වගේ. නිතරම බලන්නේ කාටද පදයක් හදන්නේ කියලා තමයි. අපේ රටේ පිරිසක් බලන් ඉන්නවා මඩ ප‍්‍රචාරය කරන්න. තවත් පිරිසක් බලන් ඉන්නවා ඒවා රස කරකර අහන්න. ලංකාව කියන්නේ හරිම අමුතු පිරිසක් ඉන්න සමාජයක්.
ඇයි නතාෂට නීතිඥ වෘත්තිය
වගේ වෘත්තියක් තෝරගන්න හිතුණේ?
ඇත්තටම නීතිඥවරියක් වෙනවා කියලා මගේ හීනෙකින්වත් තිබුණේ නැහැ. නමුත් දෛවය අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් කළා.
බලාපොරොත්තු නොවුණ විදිහට අද මම නීතිඥවරියක් වෙලා තියෙනවා. ඇත්තටම මගේ ආසාවක් තිබුණේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් ඒ පාරවල් සියල්ලම වැහිලා. මට ඇරුණේ නීතිඥ වෘත්තියේ දොර පමණයි.
ඉදිරියේදී නතාෂා අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් වේවිද?
ඇත්තටම මම නීතිඥවරියක් වුණාට නඩු විභාග සඳහා පෙනී සිටින්න කැමැත්තක් නැහැ. මම පුහුණු වෙන්නේ සමාගම් ලේකම් කෙනෙක් විදිහට සේවය කරන්න. දැනට සමාගම් සම්බන්ධ නීති වැඩවලට යොමුවෙලා ඉන්නවා.
කොහොම වුණත් දැන් නතාෂා කලාවෙන් නැවත නොයෙන්නම සමුඅරගෙනද?
හ්ම්ම්........ හොඳ නිර්මාණයක් ආවොත් සලකා බලනවා.
ඒ කියන්නේ නතාෂට දැන් කලා වැඩ වලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?
ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් මම කිසිම වැඩක් භාරගත්තේ නැහැ. විදේශ රටක් පදිංචියට යන්න තමයි ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ. විවාහ වුණාට පස්සේ වසරක්ම ජීවත් වුණේ ඕස්ටේ‍්‍රලියාවල. නැවත විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
”යායට පායනා” ගීතයෙන් පස්සේ ප‍්‍රිහානුත් කලාවෙන් ඈත්ම වුණා නේද?
ප‍්‍රිහාන්ගේ ව්‍යාපාර වැඩවල කාර්යබහුලත්වය නිසා කාලයේ ප‍්‍රශ්නයක් තියෙනවා. ප‍්‍රිහාන්ටත් ලොකු ආසාවක් තියෙනවා ගීතයක් කරන්න. කාලය අඩු නිසා ටිකක් ඒක මග ඇරුණා. ඉදිරියට බලමු.
ඉස්සර වගේ නෙමෙයි දැන් වගකීම් වලින් බැඳිච්ච බිරිඳක්නේ ....... කොහොමද ඒ ජීවිතේ?
ඇත්තටම ප‍්‍රිහාන් කියන්නේ ආදරණීය සැමියෙක්. මගේ ජීවිතේ හැම දේකටම ශක්තිය දෙන්නේ එයා. විවාහය එක්ක ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ දේවල් විඳිමින් හොඳ අවබෝධයකින් ජීවත් වෙනවා. දැන් විවාහ වෙලා වසර දෙකක් වෙනවා. ජීවිතේ වගකීම් දැන් දැනෙනවා වැඩියි. විවාහ වෙන්න කලින් මගේ ජීවිතේ යෝධ සෙවනැල්ල වුණේ මගේ අම්මා. ඒ ජීවිතෙන් විවාහ ජීවිතයට ආවම අම්මාගේ අඩුව මට ගොඩක් දැනුණා. ඇය මුළු ජීවිතේම කැප කළේ මං වෙනුවෙන්. විවාහ වුණ අලූත වෙන්වෙලා ප‍්‍රිහාන්ගේ ගෙදරට යන කොට අම්මටයි මටයි ඒක දරාගන්න බැරි වුණා. අදටත් මට පුළුවන් හැම වෙලාවකම අම්මව බලන්න යනවා. දියණියක් හැදුවොත් පිටට දෙන්නම වෙනවා. ඒක ලෝක ධර්මතාවයනේ ඉතින්.... විවාහ ජීවිතය කියන්නේ වගකීම් ගොඩක්. ප‍්‍රශ්න එනවා. ඒත් දෙන්නගේ අවබෝධය තියෙනවනම් විවාහ ජීවිතේ ගෙනියන්න ලේසියි. ප‍්‍රිහානුයි මමයි හොඳට ජීවිතේ තේරුම් අරගෙන ඉන්නේ. ප‍්‍රිහාන් තමයි මගේ ජීවිතේ හොඳම යාළුවා. ප‍්‍රශ්න තියෙනවා. නැතුවම නෙමෙයි. උස්, පහත්, බිම් තියෙනවා. ඒවා අවබෝධයෙන් විසඳගෙන ඉන්නවා. අපි දෙන්නගේ අදහස් එක වගේ නැහැ. ඒ නිසාම ඝට්ඨනයත් වැඩියි. අපි දෙන්නා සෑහෙන වෙනස් දෙන්නෙක්. ඒ වෙනසම තමයි අපි දෙන්නගේ ජීවිත ලස්සන කරන්නේ. පුංචි රංඩුවක්වත් වුණේ නැත්නම් ඒ ජීවිතේ කිසිම රහක් නැහැ.
විවාහ වෙලා වසර දෙකක් සම්පූර්ණයි. මවකගේ අද්දැකීම ලබන්නේ බලපොරොත්තුවක් නැද්ද?
තියෙනවා....... තියෙනවා..... විදේශ ගත වෙන්න බලාපොරොත්තුවක් තියෙන නිසා මව් පදවිය ලබන්න ටිකක් බලා ඉන්න වෙනවා. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. ඕනම වෙලාවක ඒ පදවිය භාරගන්න ලෑස්තියි.
නදීශා අතුකෝරළ_සාරවිට
ඡායාරූප: නතාෂා පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන්

Share this
|
|
0 Comment to "මව් පදවිය ලබන්න ටිකක් බලා ඉන්න වෙනවා"
Post a Comment