08 March, 2017

ලෝකෙටම එකයි හෙල පුතෙක් නැනෝ තාක්‍ෂණයෙන් පිළිකා නසන රජ වැඩක් කරයි

සම්පූර්ණයෙන්ම කාබන් වලින් සැදුනු ලොව ප්‍රථම නැනෝලේසරය (නොහොත් ස්පේසරය) හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන චානක රූපසිංහ සමත්ව ඇත.

සාමාන්‍ය ලේසරයක් නැනෝ පරිමාණයේ (<100nm ) සැදිය නොහැකි වන අතර මේ සඳහා ස්පෙසර් (spaser – surface plasmon amplification by stimulated emission of radiation ) යන සංකල්පය භාවිතා වෙයි.

පරිඝනක චිප වල ට්‍රාන්සිස්ටර වෙනුවට නැනෝලේසර් භාවිතා කිරීමෙන් එහි වේගය සිය ගුණයකින් වැඩි කිරීමටත් ප්‍රමාණයෙන් කුඩා කිරීමටත් හැකිය.

හඳුන්වා දුන් නැනෝලේසරය ග්‍රෆීන් (graphene) සහ කාබන් නැනෝටියුබ් (carbon nanotubes) වලින් සෑදී ඇත. මෙම නිසා මෙම නැනෝලේසරය භාවිතා කොට සාදන උපාංග ඉතා ශක්තිමත්, නම්‍යශීලී වන අතර ඉහල උෂ්ණත්ව වලට ඔරොත්තු දෙයි.
මීට අමතරව මෙම නිෂ්පාදන පරිසරයට හා සෞඛ්‍යයට ද හිතකර වනු ඇති.

මේ
වන විට නැනෝ – අංශු පිලිකා සෛල අසලට ගෙන යාමේ උපක්‍රම විද්‍යාඥයන් සොයාගෙන තිබෙන අතර මෙම ක්‍රම යොදාගනිමින් ග්‍රෆීන් සහ කාබන් නැනෝටියුබ් අංශු පිලිකා සෛල අසලටලංකර නැනෝලේසරය ක්‍රියාත්මක කොට අධික තාපයක් ලබා දීමේ හැකියාව පවතී.

මෙමගින් සාමාන්‍ය සෛල විනාශ නොකොට පිලිකා සෛල පමණක් විනාශ කිරීම මෙහි තවත් ප්‍රයෝජනයක් විය හැකි බව පර්යේෂකයෝ පවසති.

චානක මහාචාර්ය මලින් ප්‍රේමරත්න මහතාගේ පර්යේෂණ කණ්ඩායම යටතේ නැනොලේසර් පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කරන අතර ප්‍රථම උපාධිය ලබාගත්තේ මොරටුව විශ්ව විද්‍යාලයෙනි.

Nano kill cancer - Chanaka Rupasinghe
 

-reporter

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලෝකෙටම එකයි හෙල පුතෙක් නැනෝ තාක්‍ෂණයෙන් පිළිකා නසන රජ වැඩක් කරයි"

    Post a Comment