16 March, 2017

'මහින්ද සමාජ බෙදීමකට ඉව අල්ලනවා' - ''ලැජ්ජයි මහින්ද ලැජ්ජයි'

mangala-samarweera-05

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජය නොමග යැවීමට සිදු කරන ප්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අනතුරු අඟවා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (15) දින නිකුත්කළ මාධ්‍ය නිවේදනයක එබව සඳහන්වේ.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අසත්‍ය, විකෘති කරන ලද හා සාවද්‍ය තොරතුරුවලින් ගහණ බවත් ඒ තුළ පරස්පරතා රාශියක් තිබෙන බවත් විදේශ ඇමතිවරයා කියා සිටියි.

දේශපාලන පිළිමලූන්ට නිග්‍රහ පරිභව කර කර ඔවුන් හුදෙකලා කරලා ඔවුනට විරුද්ධව අවි අමෝරා ගෙන මිලේච්ඡ විදිහට හැසිරෙන්න කිසිම බලාපොරොත්තුවක් නැතැයි පවසන විදේශ අමාත්‍යවරයා, සියලූම ශ්‍රී ලාංකිකපුරවැසියෝ ප්‍රතිසංස්කරණ, කල් පවත්නා සාමය, සමෘද්ධිය හා ස්ථාවරත්වය මේ මොහොතේ තදින් අපේක්ෂා කරන බව කියා සිටියි.

විවිධ ජනවර්ග අතර බිය සැක හා භීෂණය වපුරමින් ඔවුන් ඛෙදා වෙන් කොට සිදු කරන ආණ්ඩු පාලනය තවදුරටත් අපේ උත්තරීතර ජාතියට හිමිකර දිය යුතු නැති බව පවසන මංගල සමරවීර මහතා, ''අපේ අනාගත මාර්ගය වැටී තියෙන්නේ විවෘත වගේම සියලූ දෙනා ඇතුළත් ජාතියක් ලෙස සියලූ පුරවැසියන් සමානයන් ලෙස සළකා සිදු කරන ගමනක් විදිහට බව කියන්න කැමතියි..'' යයි සඳහන් කර සිටියි.

''ලැජ්ජයි මහින්ද ලැජ්ජයි'' :

විදේශ ඇමතිවරයා සිය නිවේදනය අවසන් කර ඇත්තේ මෙසේය.

'' අවසන් වශයෙන් මගේ මිත්‍රයකු වුද, කැබිනට් සගයකු වූද, කෙටි කලකට මගේ නායකයා වුද මහින්ද රාජපක්ෂ මහතාට කියන්නේ 'ලැජ්ජයි මහින්ද ලැජ්ජයි''

(විදේශ ඇමතිවරයා නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)









href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqPzcijBR5GDSSXl8hAhWFsadBWxRUerThB4Mga85SEWF6Lg5VjrgeSuQ_s8k7CCjQwaK4CDdihQAfzZVh8qo0GWXuYCi1po6pnnI8oSNBc7qC38OVgGWRpk_uiskhKAZd0o54rqnZDhE/s1600/mangala-press-4.jpg">











_ශ්‍රීලංකන්මිරර්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "'මහින්ද සමාජ බෙදීමකට ඉව අල්ලනවා' - ''ලැජ්ජයි මහින්ද ලැජ්ජයි'"

    Post a Comment