16 March, 2017

මහේලට පමණක් දෙවැනි වී චන්දිමාල් අද තැබූ වාර්තාව

Chandimal-Mahela

ටෙස්ට් ශතක 8ක් රැස්කිරීමට අඩුම ඉනිම් සංඛ්‍යාවක් වැයකළ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට දිනේෂ් චන්දිමාල් සමත්විය.

චන්දිමාල් අද ශතකය රැස්කලේ ඔහුගේ 64 වන ටෙස්ට් ඉනිමේදියි.

අඩුම ඉනිම සංඛ්‍යාවකදි ටෙස්ට් ශතක 8ක් රැස්කළ ශ්‍රී
ලාංකික පිතිකරුවා ලෙස වාර්තාව හිමිවන්නේ හිටපු නායක මහේල ජයවර්ධනටයි.

ඒ සඳහා ඔහු ඉනිම 54ක් වැයකර තිබුණි.

බංගලාදේශයට එරෙහිව ඉහළම පිතිකරු සාමාන්‍යයක් ඇති ක්‍රීඩකයන් අතර චන්දිමාල්ට හිමිවන්නේ 4වන තැනයි.

ඔහුගේ පිතිකරු සාමාන්‍ය 138කි. පාකිස්ථානයේ මොහොමඩ් යුසුෆ් මෙහි පළමු තැන හිමිකරගෙන සිටින අතර ඔහුගේ පිතිකරු සාමාන්‍යය 251කි.

චන්දිමාල්ගේ ටෙස්ට් ශතක 8න් 4ක්ම බංගලාදේශයට එරෙහිව වීමද විශේෂත්වයකි.

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මහේලට පමණක් දෙවැනි වී චන්දිමාල් අද තැබූ වාර්තාව"

    Post a Comment