16 March, 2017

කටාරයේ දික්කසාද වැඩිවෙලා

Divorce Decree

කටාර් රාජ්‍ය තුල සිදුවන දික්කසාද වල වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

2000 වර්ශයේදි වාර්තා වු කටර් පිරිමින්ගේ දික්කසාද සංඛයාව 471 වන අතර 2016 දි එය 807 දක්වා වර්ධනය වී ඇති බව සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යා ලේඛන අමාත්‍යාංශය මගින් නිකුත් කරණ ලද නවතම වාර්තාවකට අනුව පැහැදිලි වන අතර ප්‍රතිශතයක්
වශයෙන් ලෙස 71%ක වර්ධනයකි.

කටර් කාත්නතාවන් 706 දෙනෙකු 2015 වර්ෂයේදී දික්කසාද වී ඇති අතර එය 2000 වර්ෂයේදී 446ක් වන අතර ප්‍රතිශතයක් වශයෙන් එය 52%ක වර්ධනයකි.

විවාහවූ දෙදෙනා අතර පවතින නොගැලපීම්, විවාහ වීමෙන් පසු යුතුකම් හා වගකීම් පැහැර හැරීම, වගකීම් භාර ගැනීමට අසමත් වීම, අඩු වයසින් විවාහ වීම, නොමේරූ මානසිකත්වය සහ අධික වියදම් සහ ණය බර හේතුවෙන් කටාර් රාජ්‍ය තුල දිත්තසාද වැඩිවීමට හේතුවී ඇති බව විශේෂඥයින් පෙනිවා දෙනු ලබයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කටාරයේ දික්කසාද වැඩිවෙලා"

    Post a Comment