01 March, 2017

ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න එක අමාරු දෙයක් - අපිට ඒ දේවල් ඉවසන් ඉන්න වෙනවා

kavindya-madushani

විනෝදාංශයක් ලෙස නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසි ඇය, ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සැරසෙන කාවින්ද්‍යා මධුෂානි ඇගේ ඉදිරි කලා කටයුතු පැවසීමට ‘සාරවිට’ සමගින් මෙලෙස සම්බන්ධ වූවාය.

මුලින්ම ඔයාව හඳුන්වලා දුන්නොත්?

මම කාවින්ද්‍යා මධුෂානි. මගේ ගම රත්නපුරේ. මම මගේ විනෝදාංශය විදිහට මෝස්තර නිරූපණය කරනවා.

දැන් කොයි කාලේද නිරූපණයට ආවේ?

දැනට අවුරුද්දක් විතර වෙනවා.

ඇයි නිරූපණයට ආවේ?

අනිත් හැම ගෑනු ළමයෙක් වගේ මමත් පොඩි කාලේ ඉඳලා අදහසක් තිබුණා මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒ වගේම ඒ අංශයෙන් ඉදිරියට යන්න. ඒ නිසා තමයි මං නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

ගෙදරින් අවසර දුන්නාද?

අනිවාර්යයෙන්ම මගේ අම්මා, අයියා තාත්තා මේ හැමෝම මට උදවු කරනවා. එයාලා මං ළඟින්ම ඉඳන් මට හරි පාර පෙන්නලා දෙනවා. ඒ නිසා ගෙදරින් කිසිම බලපෑමක් වුණේ නැහැ. මම මේ ක්ෂේත්‍රයට එනවට.

මොකද හිතෙන්නේ මේ ක්ෂේත්‍රය ගැන?

මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා කියන එක ගොඩක් අයට අමාරු දෙයක්. හැබැයි මොළෙ පාවිච්චි කරලා ඉන්නවා නම් ගොඩක් දුර ගමනක් ඕනම කෙනෙක්ට යන්න පුළුවන්.

ගොඩක් අය කියන දෙයක් තමයි දක්ෂයන්ට මේ ක්ෂේත්‍රයේ ස්ථානයක් නැහැ කියලා? ඒ ඇත්තද?

ටිකක් විතර ඇත්ත.

එහෙම වෙද්දී කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද?

ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ගොඩක් ඉවසන්න වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය කාලයක් තිස්සේ ඉඳන් තමන්ගෙ නම හදාගෙන ඉදිරියට ආව අය. දක්ෂ අයට ඉදිරියට එන්න දෙන්නේ නැහැ කියලා කලකිරීමක් කිරීමක් ඇති වුණත් අපිට ඒ දේවල් ඉවසන් ඉන්න වෙනවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දවසක ලංකාව නියෝජනය කරලා ලංකාවට ජය අත්කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්ම, විශේෂයෙන්ම මගේ අම්මා, අයියා, ලක්මි අක්කා, ෆෙරෝස් අයියා, නිරූපණය ගැන මට අවබෝධය ලබා දීපු ගුරුවරයා බ්‍රයන් ක්‍රේකෝවන්‍, අර්ජුන් සේනානායක, විශ්ව පෙරේරා, නිලූ සේනානායක, ශානිකා අක්කා සහ මෝතිල අයියා මේ හැමෝම මට උදවු කරනවා ඉදිරියට එන්න.

-ඩිලාන් ක්‍රිෂාන්ත-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න එක අමාරු දෙයක් - අපිට ඒ දේවල් ඉවසන් ඉන්න වෙනවා"

    Post a Comment