අද (07) පැවති ඒකාබද්‍ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
මේ අතර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ ටෙම්පල්ටන් ෆන්ඩ් නැමති අරමුදල මඟින් ඔවුන් ආයෝජනය කර ඇති මුදල්වලින් පසුගිය මාස 14 ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 1475 මෙරට ආර්ථිකයෙන් ඉවත් කර ගෙන ඇති බවයි.
මෙරට ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් නොමැති වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී ඇති බවත් එන මාස කිහිපය තුළ ඩොලරයේ වටිනාකම රුපියල් 170 ඉක්වනු ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියේ ය.
තවද පවතින තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාරිතුමිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද එය අවලංගු කර ඇතැයි ද ජී.එල්.පීරිස් මහතා පැවසීය.

-derana
Share this
|
|
0 Comment to "ජනපති කොමිසමට සාක්ෂි දීමට ඒකාබද්ධය අවසර ඉල්ලයි"
Post a Comment