මේවන විට ඩුබායි හි සිටින ඔහු ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉවත්වීම නිවේදනය කිරීමට සූදානම්වන බවටද රාවයක් පැතිර ගොස් තිබේ.
අද (07) ආරම්භවීමට නියමිත බංග්ලාදේශ සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැති සංචාර සංවිධානය කිරීමේ කමිටු රැස්වීම අතරවාරයේ ද ඔහු හදිස්සියේ පිටව ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.
ඔහු එසේ හදිස්සියේ පිටව ගොස් ඇත්තේ ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජාත්‍යන්තර අංශයේ ප්‍රධානීයාවුවද ඇතැම් තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඔහුව දැනුවත් නොකර තිබීම නිසාය.
කබායත් අරං ගිහින්
(තිලංග මෙවර ක්‍රිකට් සභාපති ධූරයට පත්වූයේ ද ජයන්ත ධර්මදාස මහතාගේ ද සහයෝගය ඇතිවය.)
ඔහු එසේ
රැස්වීමෙන් පිටව යද්දී ඔහුගේ කාර්යාල කාමරයේ තිබූ කබායද රැගෙන ගොස් තිබේ.
අදාළ, කබාය සාමාන්‍යයෙන් ඔහු සිය කාර්යාලයේ තබා තිබෙන්නක් බවත්, එය රැගෙනයාම ඔහු නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නොපැමිණෙන බවට සලකුනක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයෝ කිහිපදෙනෙකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
කෙසේවුවද, ජයන්ත සිය මිතුරෙකු සමඟ පවසා ඇත්තේ ඔහුට අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස බඳවාගන්නා බවද පවසා නොතිබුණ බවයි.
එසේම තමා ගුරුසිංහගේ පැමිණීමට විරුද්ධ නොමැති බවද සිය මිතුරාට පවසා ඇති ජයන්ත, කෙසේවුවද, තිලංගගේ මේ ක්‍රියාවන් අනුමත කළ නොහැකි බවද පවසා තිබේ.

-srilankamirror
Share this
|
|
0 Comment to "ශ්‍රී ලංකා ක්‍රිකට් යළි දෙදරයි ? "
Post a Comment