25 March, 2017

විවාහ වුණා කියලා ඉල්ලුම අඩුවෙලා නැහැ - ඉම්රාන්

Imran Khan-01

Imran Khan-02

බොලිවුඩ් රංගන ශිල්පී ඉම්රාන් ඛාන් කියන්නේ කඩවසම්බවේ සංකේතයක් කිව්වත් එහි වරදක් නැහැ. නමුත් ඔහු “විවාහය” කියන කාරණාවේදී “පෙනුම” අමතක කළ කෙනෙක්. ලෝකය වටා ලක්ෂ ගණනක් ගැහැනු ළමුන්ගේ ආකර්ෂණය දිනාගත්තු කඩවසම් ඉම්රාන් ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සඟරාව සමග කළ සංවාදයක සිංහල අනුවාදයයි මේ.

නළුවෙක් හැටියට කාර්යබහුල ඔබ, කොහොමද සැහැල්ලු වෙන්නේ?

සැහැල්ලු වෙන්නේ මගේ පවු‍ලේ අය සමග කාලය ගත කිරීමෙනුයි. සාමාන්‍යයෙන් වැඩක් යෙදී නැති හැම විවේකී දවසක්ම මම ගත කරන්නේ මගේ බිරිඳ අවන්තිකා සමග දිග පුටුවක හාන්සිවෙලා චිත්‍රපට බලමිනුයි.

ඒ වගේම මම යාළුවෝ ආශ්‍රය කරන්නත් කැමැතියි. මට ඉන්න හොඳම යාළුවෝ එක්කෙනෙක්වත් කලා ක්‍ෂේත්‍රයේ අය නමෛයි. ඒ වගේම ඒ කවුරුවත් චිත්‍රපට පිස්සොත් නමෛයි. ඒ නිසා වාසනාවට අපට කලාවට එහා ගිය වෙනත් දේවල් ගැන කතා කරමින් දවස ගෙවන්න පුළුවන්.

සිනමාවේ ගත කළ අවුරුදු හයක කාලය පුරාම ඔබ වැඩ කළේ ඉන්දියාවේ සරාගීම කෙල්ලන් සමගයි. මොකද හිතෙන්නේ?

හරි ආඩම්බරයි. මගේ වෘත්තියේ තිබෙන ආඩම්බර වෙන්න පුළුවන් අංගයක් තමයි ඒක. රටේම ඉන්න ලස්සනම කෙල්ලෝ එක්ක වැඩ කරන්න අකැමැති වෙන්නේ කව්ද?

ඔබේ බිරිඳ අවන්තිකා, මොන වගේ කෙනෙක්ද?

මටත් වඩා මගේ කලා කටයුතු ගැන උනන්දු කෙනා ඇය තමයි. මගේ චිත්‍රපටයක් හරියට ප්‍රසිද්ධ නවෛනකොට සහ මගේ ගැන මාධ්‍යයේ නරක ඕපාදූප පැතිරෙනකොට වැඩිපුරම දුක්වෙන කෙනා අවන්තිකා තමයි. හුඟක් වෙලාවට මට සිද්ධ වෙනවා අවන්තිකාව සන්සුන් කරන්න.

ඔබ කඩවසම් කෙනෙක්. ඒත් ඔබ විවාහකයෙක්. තවම ඔබට ඉල්ලුමක් තියෙනවා නේද?

විවාහකයෙක් වුණා කියලා ඉල්ලුම අඩුවෙලා නැහැ. සමහර කෙල්ලන්ගේ යෝජනා ගැන මට තේරෙන්නේ ටිකක් කල් ප්‍රමාද වුණාටත් පස්සෙයි. ඒ වගේම සමහරු මට ආදරෙයි නොකියා මගේ චිත්‍රපටවලට ආදරෙයි කියලා කියනවා.

මේ යෝජනා ගැන ඔබේ බිරිඳගේ ප්‍රතිචාරය මොකක්ද?

ගැහැනු ළමයි මට කැමැති වෙන එක ගැන එයා හරිම සතුටුයි. මේ කාරණාව අපි දෙන්නා විවෘතව කතාබහ කරලා තියෙනවා. එයා කියන්නේ කෙල්ලන්ගේ ආකර්ෂණය මගේ සාර්ථකත්වය කියලයි. කෙල්ලෝ මට අකැමැති වෙනදාට මගේ බිරිඳට දුක හිතේවි.

රැකියාවේ හැම දෙයක්ම ඔබ ගෙදර ගිහින් කියනවද?

නැහැ. මම ඇයට කියන්නෙ ඇය අහන්න කැමැති ඇති කියලා මට හිතෙන දේවල් විතරයි. දවසකට පැය 10-12 ක් මම ගත කරන්නේ දර්ශන තලයකයි. එතැනදී විනෝදයෙන් ඉඳලා ඇවිත් ගෙදරදීත් ඒ ගැනම කතා කරන එක තේරුමක් නැති වැඩක්.

ඒ නිසා මම කරන්නේ අවන්තිකාට, මගේ දවස ගැන කෙටි වාර්තාවක් දෙන එක විතරයි.

බොලිවුඩයේ ඔබ ජනප්‍රිය “රොමැන්ටික් කුමාරයා” යන නමිනුයි ඒ ගැන මොනවද හිතෙන්නේ ?

ඒ කතාව මම වැඩිය විශ්වාස කරන්න යන්නේ නැහැ. ඔය කාරණාව ගැන උඩඟුවෙලා පිම්බෙනවට වඩා මම ආස, මිනිස්සු මගේ චිත්‍රපට තුළින් විනෝදය ලබනවා බලන්නයි.

අමීර් ඛාන් කළ Katti Batti චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ විවාහයට පෙර සංවාසය ගැන කියැවෙන කතාවක. ඔබ Living together අනුමත කරනවද?

ලෝකය කැරකෙන හැටියට අපටත් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. සංස්කෘතිය වෙනස්වීම ගැන මට දුකක් නැහැ. උදාහරණයක් විදියට මම අවන්තිකා සමග එක ගෙදර වාසය කරන්න ගියේ මට අවුරුදු 20 දී. එතකොට ඇයගේ වයස අවුරුදු 21යි. අපේ දෙමාපියෝ එහි වටිනාකම තේරුම් ගත්තා. අපට අපි අවබෝධ කරගන්න පහසු වුණා.

ඔබට ඉටුකරගන්න තියෙන හීන මොනවද ?

අහසේ ඉඳන් පැරෂුට් එකක් මගින් බිමට පනින්න මම ආසයි.

මෙම සටහන සති අන්තයේ පුවත්පතක පලවී තිබුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවාහ වුණා කියලා ඉල්ලුම අඩුවෙලා නැහැ - ඉම්රාන්"

    Post a Comment