26 March, 2017

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

Gampaha-Tuition-Students-Sex-6

තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන් ජෝඩු දෙකක් සඳහා එකම‍ විටෙක ලබා දීමේ රහසිගත ක්‍රියාවලිය පිළිබඳව මුල්වරට අනාවරණය කරන ලද්දේ අප විසිනි.

roomshare යනුවෙන් ඔවුන් විසින්ම හඳුන්වනු ලබන මෙම ක්‍රියාදාමයේ අභ්‍යන්තරය වටහා ගැනීමට ද අපි මෙහි දී සමත් වීමු. ගම්පහ නගරාසන්න ලැඟුම්හලක සිදුවන බවට නිසැක ලෙස තහවුරු කර ගත හැකි වූ මෙම ක්‍රියාවලිය ගම්පහ නගරය තුළ සේම බැළුම්මහර, මිරිස්වත්ත, යක්කල, කිරිඳිවිට, ආදී තදාසන්න ප්‍රදේශවල ඇති පනහකට වැඩි ලැඟුම්හල් අතරින් තවත් කිහිපයක හෝ ක්‍රියාත්මක බව සාධාරණ ලෙස අනුමාන කළ හැක.

මෙම roomshare ක්‍රියාවලිය එම ලැඟුම්හල් හිමියන් සහ ගම්පහ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකු එක්ව කරනු ලබන හවුල් ව්‍යාපාරයකි. අපගේ නිරීක්ෂණවලට අනුව මෙහි දී වැඩිම වාසි හිමිකර ගනුයේ ‘මෙම චාරිකා සංවිධානය කරන’ ත්‍රිරෝද රථ රියදුරන්ය. ඒ කෙසේ හෝ මෙම roomshare ක්‍රියාවලිය උපාය මාර්ගිකව නිරීක්ෂණය කරනු පිණිස සරසවි දෙකක ඉගෙනුම ලබන පෙම්යුවලක් උපාය දූතයන් ලෙස යොදවා ගැනීමට ද අපි මෙහි දී සමත් වීමු.

මෙම චාරිකා සංවිධායක වරයකු වන 'මාකස් අයියා' (ආරූඬ නමකි) නම් ත්‍රිරෝද රථ රියදුරකු වෙත පසුගිය සෙනසුරාදා දිනයෙක එම පෙම්වතා දුරකථන ඇමතුමක් දුන්නේ මෙම ගවේෂණය ‍අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සහ මා ඉදිරිපිට දීය. එහි දී එම ‘මාකස් අයියා’ ඔවුන්ට පවසා සිටියේ එම roomshare ක්‍රියාවලියට සැරසී සිටින ජෝඩු දෙකට ගම්පහ දුම්රිය ගේට්ටුව දෙස සිට නගර සභා පිටිය දෙසට පාගමනින් ඇවිද එන ලෙසිනි.

“ඊට කලින් මට පොඩි බඩුවක් ගන්න තියනවා; එනවද මාත් එක්ක (ගම්පහ දුම්රිය පළ ඉදිරිපිට ඇති වෙළඳ ආයතනයක නමකි) යන්න."

මා සමඟ සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඇසීය, එහෙත් මෙවැනි සැලසුම් සහගත ක්‍රියාදාමයක් අතර තුර හදිසියේ සාප්පු යාමට ඔහු තුළ වූ තදියම ම’සිතට එක් කරන ලද්දේ කිසියම් නොරිස්සුමකි. ‍එහෙත් ඒ බවක් ඔහුට නොහැඟවූ මම මගේ මෝටර් සයිකලයේ හැඬලය මත රඳවා තිබූ අනෙක් හෙල්මටය ඔහු දෙසට දිගු කළෙමි.

මා ද සමඟ එම වෙළඳ සැලට ගොඩ වැදුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියා එහි තිබූ සින්තටික් පැදුරු අතරින් දෙකක් තෝරා ගත්තේ මා නොසිතූ ලෙසිනි.

“ඇයි ඒ කපල්වලට නිදා ගන්න පැදුරුත් දෙන්නද හදන්නේ?”

ඒ කුතුහලය ඔස්සේ මම ඇසීමි.

“නැහැ ඒක නෙවෙයි කාරණේ. මට වෙන උවමනාවකට මේ පැදුරු දෙකක් ඕනේ; අනික දැන් අපි ඔය ත්‍රිවිලර් එක ෆලෝ කරන කොට මගේ අතේ මේ වගේ දෙයක් තිබුණොත් ඒකේ ඩ්‍රයිවර් අපිව දැක්කත් අපි ගැන අමුතුවෙන් හිතන්නේ නැහැ. කොහොම වුණත් මිනිහගේ ත්‍රිවිලර් එකේ සයිඩ් මි‍රර් වලට අහුනොවෙන්නයි අපි ෆලෝ කරන්න ඕනේ.”

හෙතෙම කීය.

කෙසේ හෝ අපගේ උපායදූත පෙම්වතා හට ‘මාකස් අයියා’ දැනුම් දුන් අන්දමට එම යුවල නගර සභා පිටිය දෙසට ගමන් කරන අතරේ කිසිවකුටත් සැක නොසිතෙන ස්ථානයක සිට අපි දෙදෙනා එම සිද්ධිය නිරීක්ෂණය කළෙමු. එවිට අප බලාපොරොත්තු වූ පරිදිම ඉදිරියෙන් පැමිණි ‘මාකස් අයියා’ ගේ ත්‍රිරෝද රථය ඔවුන් සමීපයේ නතර කෙරෙණි. එවිට ඔවුන් දෙදෙනා එයට නැඟුණු අතර ත්‍රිරෝද රථය ගමන් ඇරඹීය. ඉන්පසු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාත් මාත් ඔවුනට නොහැ‍ඟෙන සේ මගේ මෝටර්සයිකලයෙන් එම ත්‍රිරෝද රථය ලුහුබැන්දෙමු. එහිදී ඔවුන් අතර අතිවූ දෙබස එම පෙම්වතාගේ වොයිස් රෙකෝඩරයේ සටහන් වී තිබුණේ මෙලෙසිනි.

පෙම්වතා; හරි වැඩේනේ මාකස් අයියේ අනික් දෙන්නගෙම ෆෝන්ස් ආන්සර් කරන්නේ නැහැනේ.

මාකස්; මම හිතුවා ඒ දෙන්නා මඟ ඇති කියලා; දැන් ඉතින් මොකද කරන්නේ?

පෙම්වතා; සල්ලි නම් ප්‍රශ්නයක් නෑ මාකස් අයියේ; ඒත් මං බැලුවේ ඒ දෙන්නට මොකද වුණේ කියලා; අනික අපි දෙන්නා විතරයි කියලා මුකුත් ප්‍රශ්නයක් නැහැනේ.

මාකස්; එහෙම ප්‍රශ්නයක් නෑ; එහෙම නම් තව ප්ලේස් එකකුත් තියනවා; එතනට වුණත් යන්න පුලුවන්!

පෙම්වතිය; (පෙම්වතාට) නෑ.. නෑ අපි එහෙටම යමු; නිලූකලා තව ටිකකින් අපිට කතා කරයි.

පෙම්වතා; එහෙම වුණොත් ඒ දෙන්නව ආපහු ගිහින් හරි ගෙන්න පුලුවන් නේද මාකස් අයියේ.

මාකස්; පුළුවන්; හැබැයි ඉතින් දැන්ම කතා කළොත් තමයි.

මාකස් අයියා විසින් ඔවුන් රැගෙන ගිය ලැඟුම්හල පිහිටියේ ගම්පහ නගරාසන්නයේ ප්‍රධාන මාර්ගයකින් හැරී යන අතුරුපාරක මීටර් සියයක් පමණ දුරකිනි. එම මඟ දෙපස මහල් දෙක තුන බැගින් වන මධ්‍යම පාන්තික නිවාස තිබුණ ද ඒවායේ ගේට්ටු වසා දමා තිබූ අතර හාත්පස තදබල නිහැඬියාවක ගිලී තිබිණ. අපගේ උපාය දූතයන් එම ස්ථානයට යොමු කළ මම අප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයාත් සමඟ ඔවුනට නොපෙනෙන ස්ථානයක රැඳී සිටියෙමි.

එතැන් සිට මෙම roomshare විමසුම මුල් කොට අප විසින් දියත් කළ සැලසුම ක්‍රියාවට නැංවෙන ලද්දේ මෙලෙසිනි..

එම ලැඟුම්හලේ අමුත්තන් පිළිගන්නා කවුන්ටරය සමීපයට යන විටම පෙම්වතියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙයි. ඇය එම ඇමතුමට පිළිතුරු දෙනුයේ එහි ඩිජිටල් තිරය තම පෙම්වතාට පෙන්වා ‘නිලූකා’ යැයි රහසින් පවසමිනි. ඒ අතරේ එම ඇමතුමට සවන් දෙන ඇය පිළිතුරු දීම වෙනුවට කරනුයේ නෑ? නෑ? නෑ? කියමින් විස්මයෙන් යුතුව ඊට දිගටම සවන් දීම පමණි.

“අනේ මොකක් හරි ලොකු ලෙඩක්? නිලූකලා වැඩේ කාලා වගේ මට පේන්නේ. අපි ඉක්මනට යමුද?”

එසැනින් ඇය තම පෙම්වතාගේ කණට මුව ළංකොට අසනුයේ ‘මාකස් අයියාට’ සේම එම ලැඟුම්හලේ සිටි වයස අවුරුදු විස්සක් විසි දෙකක් වන කොළු ගැටයාට ද ඇසෙන ලෙසිනි. පෙම්වතියගේ එම කතාවද පෙම්වතා විසින් පටිගත කරනු ලදුව අපට පසුව අසන්නට ලැබිණ.

“අනේ මාකස් අයියේ අපිට ලොකු තොප්පියක් වැටෙන්නයි යන්නේ. පුලුවන් තරම් ඉක්මනට අපිව (ගම්පහ පෞද්ගලික රෝහලක නමකි) ළඟට ගිහින් දාන්න.” පෙම්වතාගේ එම ඉල්ලීමෙන් විනාඩි දෙකක් ඉක්ම යාමටත් පෙර මාකස් අයියාගේ ත්‍රිරෝද රථය එම ලැඟුම්හල් භූමියෙන් පිටව යන අයුරු අපි රහසින් නිරීක්ෂණය කළෙමු. ඒ යන අතරවාරයේ දී ද ‘මාකස් අයියාගේ’ දුරකථනයට ඇමතුමක් ලැබෙන අයුරුත් පුළුවන්! පුළුවන්! මට තව විනාඩි විස්සකින් කෝල් එකක් දෙන්න.” යනුවෙන් මාකස් අයියා පිළිතුරු දෙන අයුරුත් එම පෙම්වතා ගේ වොයිස් රෙකෝඩරයේ සටහන් වී තිබිණ.

එහෙත් එම යුවල ලැඟුම්හලට ඇතුළුවන මොහොතේ එම පෙම්වතියට දුරකථන ඇමතුමක් දුන් නිලූකාද ඔබගෙන් සමුගැනීමට පෙර අද ඔබට හඳුන්වා දිය යුතුය. එවර එම පෙම්වතියට ‘නිලූකා’ යන නමින් උපායමාර්ගිකව අමතන ලද්දේ අන් කවරකුවත් නොව පහත නම සඳහන් මා විසින් මය.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු"

    Post a Comment