06 March, 2017

කොදෙව්වන්ගේ අභිමානය, ක්‍රිකට් උපන් රට උදුරා ගනී

england-west-indies

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 47යි පන්දු 5කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලකුණු 225ක් ලබා ගත්තා.

කොදෙව්වන් වෙනුවෙන් ජේසන් මොහොමඩ් අර්ධ ශතකයක් රැස් කළ අතර කාලෝස් බ්‍රාත්වෙයිට් ලකුණු 42ක් රැස් කළා.

Liam Plunkett එංගලන්තය වෙනුවෙන් කඩුලු 03ක් දවා ගත්තේ පන්දුවාර 07යි පන්දු 05ක් යවමින්.

ලකුණු 226ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 42යි පන්දු 02ක් තුල කඩුලු 06ක් දැවී තිබියදී එම ඉලක්කය පසු කර ගියා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් නොදැවී ලකුණු 90ක් රැස්කරගත අතර ජේසන් රෝයි හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 52ක් රැස් කර ගැනීමට සමත් වූණා.

ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 68යි.

කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක ඈෂ්ලි නර්ස් එංගලන්ත කඩුලු 03ක් දවා ගත්තා.

තරඟයේ වීරයා එංගලන්තයේ ජෝ රූට්.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය එක් තරඟයක් ඉතිරිව තිබියදී ජයගන්නට එංගලන්තය සමත්වුණා.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTmKXU7nA3o_8zvsV6ThLMEPhD6K0Tau1ciU9Nr-mYVTu02El4GzbIVhpK-vt6k_CtQyS0Bv9tftwT81fAFNeSRTm-O4eL1hHC6696PrnU5fIL72RjmW9eN9U_HHWLfxh8XFlh9jK4kH4/s1600/England-beat-West-indies-2017.03.06-I.png">



- hirunews

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කොදෙව්වන්ගේ අභිමානය, ක්‍රිකට් උපන් රට උදුරා ගනී"

    Post a Comment