
" බන්ධන චිත්‍රපටයේ මම ඇත්තටම පියසීලි කියන යොවුන් වියේ පසුවන මවකගේ චරිතයක් කරන්නේ. මේක බොහෝ අයගේ සිනමා අත්දැකීමක වෙනස් ආකාරයේ අත්දැකීමක් වේවි " දුලානි අනුරාධා පසා සිටියාය.
බන්ධන චිත්‍රපටයේ කතා සරාංශ මෙසේය. මැණික්හාමි හා ඩිංගිරාළ යනු ඥාති සොහොයුරන් දෙපලකි. ඩිංගිරාළ යනු මැණික්හාමිගේ බාප්පාගේ පුතා ය. පිය පක්‍ෂයේ දේපල පිළිබඳ ආරවුලක දෙදෙනාම සෑහෙන කාලයක සිට පැටලී සිටිති.
මෙම අඬදබර, ආරවුල් උත්සන්න වූ මොහොතක මැණික්හාමි විසින් පිල්ලියක් යවා ඩිංගිරාළව මරණයට පත් කරවයි. මේ නිසා දෙපිරිස අතර වෛරය තවත් වැඩි වේ. තවත් දිනක ඩිංගිරාළගේ දියණියගේ (පියසීලි) දියණිය වන
(සුමනාට) සර්පයෙකු දෂ්ඨ කරනු ලැබීමෙන් එයට ප‍්‍රතිකාර සඳහා ගෙන යනු ලබන්නේ එම ගමේ දක්‍ෂතම සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. ඔහු සර්ප විසෙන් සුමනාව සුවපත් කරවන නමුත් ඩිංගිරාළගේ පවුලේ පිරිසගෙන් පළිගැනීම සඳහා ඇයට යක්‍ෂ බන්ධනයක් සිදු කරනු ලබයි.
අවසානයේ බලාපොරොත්තු නොවූ මොහොතක මෙම යක්‍ෂයා බන්ධනය කඩාගෙන එළියට පැමිණ දැඩි විනාශයක් කිරීමට මුල පුරයි.
_මිරර්ආර්ට්ස්
අවසානයේ බලාපොරොත්තු නොවූ මොහොතක මෙම යක්‍ෂයා බන්ධනය කඩාගෙන එළියට පැමිණ දැඩි විනාශයක් කිරීමට මුල පුරයි.
_මිරර්ආර්ට්ස්
Share this
|
|
0 Comment to "'බන්ධන' ගැන දුලානි කතා කරයි (Video)"
Post a Comment