10 March, 2017

ධනංජි හින්දි නිළියක් වගේ කියලා හැමෝම කියනවා

Dananji Tharuka-02

නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියක් වන ධනංජි තාරුකා නිරතුරුවම රසික අවධානය දිනාගන්නා තැනැත්තියකි.

මේ දිනවල දකින දෙරණ ‘ස්ටාර් සිටි’ රියැලිටි තරගාවලියේ ‘රොක් ඒන්ජල්ස්’ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරන ඇය ඉන් වඩාත් ජනප්‍රියවී සිටියි.

එමෙන්ම මේ දිනවල ඇය රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය කිහිපයක්ද විකාශය වේ.

වර්තමානයේ වැඩි රසික ප්‍රතිචාර හිමිවෙමින් පවතින ධනංජිට මීට දින කිහිපයකට පෙර ඉඳලා ඇයගේ යහළු යෙහෙළියෝ
ඇයව මධුරි නමින් අමතනවා කියලා තොරතුරු ලැබෙනවා. අපි ඒ පිළිබඳව ඇයගෙන් අදහස් මෙසේ විමසුවෙමු.

“තරිඳු දසුන් කියලා මගේ හිතවත් ඡායාරූප ශිල්පියෙක් කරපු ෆොටෝ ටිකක් දැකලා තමයි කට්ටිය දැන් නිතර නිතර මට ‘මධුරි’ කියලා කියන්නේ.

ඒ ෆොටෝ ෂුට් එක ටිකක් ඉන්දීයන් ස්ට්‍රයිල් එකට කළේ.

ඒ නිසාම මටත් හිතුණා මේ ෆොටෝ ටික ලස්සනයි කියලා.

ඔය ෆොටෝ ෂුට් එකේ කරපු ෆොටෝ දෙක තුනක් මම ෆේස්බුක් එකේ පළ කළා.

ඊට පස්සේ තමයි කට්ටිය ‘මධුරි’ ‘මධුරි’ කියන්න ගත්තේ.

තවත් කට්ටියක් කියනවා මම තමන්නා වගේ කියලා.

ඉතින් ඔය විදිහට තමයි මගේ අලුත්ම ෆොටෝ ෂූට් එකට ප්‍රතිචාර ලැබෙන්නේ.”

-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ධනංජි හින්දි නිළියක් වගේ කියලා හැමෝම කියනවා"

    Post a Comment