පාසල් වේලාව තුළදී පාසලේ කාමරයක දොර වැසීමට යෑමේදී දොරේ යකඩ කූරක් හිසේ වැදී ගොකරැල්ල දිසා රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර කරන ලදුව ටිකට් කපා ගෙදර යෑමෙන් පසු හදිසියේ රෝගුතාර වී මියගිය ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි බී.ජී. ළහිරු ඉසාර උදයංග (14) දරුවාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහුගේ පියා වන බී.ජී. ප්‍රියන්ත මහතා එසේ පැවැසීය.
ගොකරැල්ල, නැෂනල්වත්තේ පදිංචිව සිටි උදයංග දරුවා මේ අනතුරට ලක්වී ඇත්තේ පසුගිය සිකුරාදා (3දා) ප.ව. 10.30ට පමණය. ඒ අවස්ථාවේ පාසලේ ගුරුභවතුන් විසින් දරුවාගේ මවුපියන්ටද දන්වා ඔහු ගොකරැල්ල පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවාගේ තුවාලය වෛද්‍යවරුන් හරිහැට පරීක්ෂා
නොකොට සාමාන්‍ය තුවාලයකට මෙන් බෙහෙත් දමා ටිකට් කපා ආපසු නිවෙසට යවන ලද බව මියගිය දරුවාගේ මවුපියෝ පවසති.
මෙම මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් ජයම්පති තෙන්නකෝන් මහතා විසින් ගොකරැල්ල දිසා රෝහලේදී පවත්වන ලද අතර සාක්ෂි විභාගය මාර්තු 16 වැනි දිනට කල් තබනු ලැබිණ.
මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. කේ. වීරක්කොඩිගේ මහතා විසින් පවත්වන ලද අතර මෙය මොළයට අධික ලෙස රුධිරය වහනය වීම නිසා සිදුවූ මරණයක් බවට නිගමනය කළේය. ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක සොයිසා, පො.කො. බණ්ඩාර (71694) යන නිලධාරීහු පරීක්ෂණ කටයුතු මෙහෙයවූහ.

-ගොකරැල්ල - ප්‍රසන්න රණසිංහ_මව්බිම

Share this
|
|
0 Comment to "පාසලේදී යකඩ කූරක් හිසේ වැදී මොළයට ලේ බැහැලා දරුවා මරුට"
Post a Comment