02 March, 2017

බංග්ලාදේශ - ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර තරගයක් අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ටෙස්ට් තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් කටයුතු කරනු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ දිනේෂ් චන්දිමාල්.

දෙරට අතර තරඟ දෙකකින් සමන්විත පළමු ටෙස්ට් තරඟය මේ මස හත්වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

bangladesh-sri-lanka

_හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බංග්ලාදේශ - ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර තරගයක් අද"

    Post a Comment