02 March, 2017

දැවෙන විහඟුන් යළිත් ජගත් අවධානයට

wasana-samana-burning-birds

දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) යළිත් ජගත් අවධානයට සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) මාර්තු මස 10දින සිට 19 වන දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 15වන අන්තර්ජාතික සිනමා උළෙල සහ මානව හිමිකම් සමුළුව සිනමා උළෙලේ (International Film Festival and Forum on Human Rights in Geneva - FIFDH) තරගකාරි අංශයට තේරී තිබේ.

පසුගියදා ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ (Oscar) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden
Globe Awards) සම්මාන උළෙලේ හොදම චිත්‍රපටිය ලෙස සම්මාන ලැබු මූන්ලයිට් (Moonlight) ඇතුළු තවත් ප්‍රභල චිත්‍රපට හතක් සමග දැවෙන විහඟුන් චිත්‍රපටය සිනමා උළෙලේ හොදම සිනමා කෘතිය සදහා තරගවැදීමට නිර්දේශ වී තිබේ.

දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු ස්විස්ටර්ලන්ත දර්ශනය මර්තු 12වන දිනට යෙදී තිබේ. මේ අතර දැවෙන විහඟුන් චිත්‍රපටය ඉතාලියේ 27වන අප්‍රිකා ආසියා ලතින් ඇමෙරිකා සිනමා උළෙලේ (African, Asian and Latin American Film Festival) තරගකාරි අංශයටද තේරී තිබේ. ඉතාලියේ මිලානෝ නගරයේ පැවැත්වෙන සිනමා උළෙල මාර්තු මස 19වන දින සිට 27 දින තෙක් පැවැත්වේ. මාර්තු 23 දින දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු ඉතාලියානු දර්ශනය පැවැත්වේ.

-mirrorarts

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දැවෙන විහඟුන් යළිත් ජගත් අවධානයට"

    Post a Comment