24 March, 2017

‘පළමු වතාවට බංගලාදේශයට පැරදුනේ..කිසිවෙකුට සමාවක් නෑ‘

anjelo-mathews-graham-ford

සියල්ලෝ වෘත්තීය ක්‍රීඩකයින් බවත් බංගලාදේශය හා පැවති ටෙස්ට් තරඟවලිය ජයග්‍රහණය නොකිරීම පිළීබඳ කිසිවෙකුට සමාව නොදිය හැකි බවත් ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ,ශූරයින්ගේ කුසලානය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැති උත්සවයේදීය.

“මේක අත්‍යාවශ්‍ය තරගාවලියක්. ඊට ඉස්සෙල්ලා බංග්ලාදේශ තරගාවලිය ජයග්‍රහණය කරලා ඒ මානසිකත්වය එංගලන්තයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායම තරුණයි. නමුත් ඒ ගොඩක් අය එංගලන්තයට ගිහින් ක්‍රීඩා කර තිබෙනවා. හැමෝම වෘත්තීය ක්‍රීඩකයන්.

කුසලානය ලංකාවට ගෙන්න පුළුවන් නම් ඒ තමයි කරන්න තියෙන හොඳම දේ. ගිය මාස හයඅට ගත්තොත් යම්කිසි පසුබැසීමකට ලක්වුණා. නමුත් අපි විශ්වාස කරනවා මේ කණ්ඩායමත් සමග ජයග්‍රහණය කරන්න පුළුවන්.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය දිනන්න බැරිවුණ එක ගැන කනගාටුයි. සමාවක් දෙන්න බෑ. මේක හොඳ අවස්ථාවක් කරගෙන ඉදිරියට යන්න ඕන. බංග්ලදේශයට අපි පැරදුණේ පළමු අවස්ථාවට. නමුත් ක්‍රිකට් ඉවර නෑ.”

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘පළමු වතාවට බංගලාදේශයට පැරදුනේ..කිසිවෙකුට සමාවක් නෑ‘"

    Post a Comment