අලුත්ගම ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනකුට එච්.අයි.වී. ආසාදනය වී ඇති පුවත සමඟ අපේ රටේ එච්.අයි.වී. ආසාදිතයන් සොයා යෑමත්, ඊට පිළියම් යෙදීමත් මේ දිනවල ලහි ලහියේ සිදු කරමින් තිබේ. අලුත්ගම ප්‍රදේශයේ පාසල් සිසුන්, තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට සෞඛ්‍ය කාර්යාංශ, ළමා හා කාන්තා කාර්යාංශ, මේ දිනවල හිටු කියා වැඩය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමන්නට අපි රුසියෝ වෙමු. ඒ ටිකම මේ දිනවල කළුතර-අලුත්ගම ඇතුළු ප්‍රදේශ රැසක සෞඛ්‍ය. පොලිස්, අධ්‍යාපන බලධාරීහු කරති.
අලුත්ගම පාසල් ළමයින් අතර එච්.අයි.වී. පැතිරවූ දැනට සිරගත පුද්ගලයන් දෙදෙනාටත් වඩා මාධ්‍යවේදීන් වැරැදි යැයි සෞඛ්‍ය, අධ්‍යාපන හා ළමා හා කාන්තා කාර්යාංශ බලධාරීහු මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට පුප්පති. ඒඩ්ස් හෝ එච්.අයි.වී. පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම පැතිර යෑමට පිළියමක් නොවන බව සැබෑය. නමුත් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 20 දින දක්වා රිමාන්ඩ් කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කටයුතු නොකළා නම් බලධාරීහු අලුත්ගම පාසල් සිසුන් දෙදෙනාගේ පුවත තවදුරටත් සඟවා තබා ගනී. එමඟින් පාසල් ප්‍රජාවටම එච්.අයි.වී. බෝ කරති. මහෙස්ත්‍රාත්වරියට පින් සිදුවෙන්නට පුවත එළියට ආවේය.
ඒ සමඟම අලුත්ගම ප්‍රදේශයේ පාසලකට දරුවන්ගේ පැමිණීම පවා මේ දිනවල අඩු වෙමින් තිබෙන බව ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු කීවේය.
පාසලට දරුවො එවන්න මවුපියො බයයි. තවත් දරුවන්ට වයිසරය තිබේදැයි සැකය මෙයට හේතුවයි. ඔහු කීය. මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ අනියත බියක් ඇති කර නොගත යුතුය. සිද්ධිය එතැනින් හමාර කොට අත පිසදා ගැනීමට වගකිව යුතු බලධාරීන්ට නොහැකිය. අලුත්ගමින් හමුවූ අවසන් එච්.අයි.වී. වාහක පාසල් ළමයින් දෙදෙනා පසුගියදා රෝහල්ගත කළ ළමුන් දෙදෙනා නොවේ. හඳුනාගත් හා හඳුනා නොගත් තවත් රෝග වාහකයන් අලුත්ගමට පමණක් සීමා වී නැත.
අලුත්ගමින් මතුවූ එච්.අයි.වී. පාසල් ළමුන් දෙදෙනා ගිය මඟ තවත් දරුවන්ට ෙදාර විවර නොකරන්නට ඒ ගැන සොයා බලන්නට අලුත්ගම, කළුවාමෝදර, බේරුවල මුහුදු තීරයේ දින ගණනාවක් ඇවිදින්නටද සිදුවිය. කිසිම පුවතක් වගකිවයුතු බලධාරියකු හෙළි නොකරන තත්ත්වයක් තුළ සිදුවූයේ කුමක්දැයි නිශ්චය කිරීම තරමක් අසීරු කරුණකි. එයට එක හේතුවක් නම් මේ ප්‍රශ්නයේ කොනක බලධාරීන් මෙන්ම අප බොහෝ දෙනකු ගෑවී සිටින නිසාය.
අලුත්ගම ප්‍රදේශයේ පාසලකට පහර ගැසුවාට මේ දරුවො දෙන්න අසනීප වෙලා බොහොම කල්. ඔවුන් දිගු කාලයක් පාසල් ආවෙම නැහැ. එක දරුවකුගෙ අම්ම තාත්තලා රට. එයා ඉන්නෙ ආච්චි ළඟ. පාසල් යන යෞවනයෝ හැඩරුවට අඳින්න කොණ්ඩෙ හදන්න කැමතියි. ඒකට ඔය ළඟපාත බියුටි සැලෝන් එකකට මේ ළමයි රිංගලා තියෙනවා" යැයි අලුත්ගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරකු කීවේ තම නම නම් හෙළි නොකරන පොරොන්දුව පිටය.
"මේ රූපලාවණ්‍ය ශිල්පියා ලඳ බොළඳ හරියට ගෑනියෙක් වගේ ලස්සනයි. එයා විවාහකයි. බිරියට දරුවෙකුත් ඉන්නවා. මේ රූපලාවණ්‍ය ශිල්පියා බිරියට වැඩිය කොල්ලන්ට කැමැතියි. ළමයින්ට හරි ආදරෙයි. ඒ නිසාම නිතර මේ බියුටි සැලෝන් එකේ පිරිමි ළමයි හැඩ වැඩ වෙනවා. ඒ ළමයින්ට චොකලට්, ටොෆී පවා එතැනින් ලැබෙනවා.
නගරයේ පාසල් බොහොමයක ලොකු ළමයි විවිධ තැන්වල ඉන්නවා. ස්ටේෂම ළඟ හවසට විතරක් නොවෙයි දවල්ටත් 'සූස්තිය' අදින කොල්ලො බලන්න පුළුවන්" යැයි මාළු අලෙවි කරන්නකු තම මාළු පෙට්ටිය බඳින ගමන් කීවේ ඔහු ඒ ගැන හොඳට දන්නා පරිද්දෙනි.
"මේ පැත්තෙ දෙමවුපියන් වැඩිහිටියො මුදලක් ගන්නෙ ගයිඩ් වැඩේ කරලයි. කොල්ලන්ට මෙහෙ හොඳ ඉල්ලුමක් තියෙනවා. මහත්තයට මේව කියල අපිට නිකං ඉල්ලන් ටිංකිරි උලා ගන්න බැහැ හලෝ" යැයි
නුරුස්සන ස්වරයෙන් කතා කළේ 'සීසන්' කාලෙට ගයිඩ් වැඩ කරන ජංගම වෙළෙන්දෙකි.
මේව අලුත්ගමට විතරක් නෙවෙයි මුහුදුකරයේ සංචාරක ව්‍යාපාරයත් සමඟ තියෙනවා. සීසන් කාලෙට ඉස්කෝලවල යන කොල්ලො ගාණ හොයා ගන්නවා. හැබැයි 'උලා' ගන්නෙ නෑ. තවත් ත්‍රිරෝද හිතවතෙක් කීවේය.
"ඉස්කෝලෙ තට්ටු ගොඩනැඟිලිවලට පේන්නෙ මසාජ් ක්ලිනික්. සුද්‍ෙදා සුද්දියො යනවා එනව. අම්ම නැත්නම් තාත්ත, අයිය ආදායමක් ගන්නෙ සුද්දන්ගෙන්. ඔය දැන් මහ ලොකුවට බෙරිහන් දෙන එකාල මේවට උපදෙස් දෙන්න, දැනුවත් කරන්න එන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි මහත්තය මගෙත් ලොකු කොල්ලෙක් ඉන්නවා. මමත් ඒලෙවල් කළා. මේ එකම පාසලකවත් ලිංගික අධ්‍යාපනය ගැන නෙමෙයි සෞඛ්‍ය පාඩමවත් හරියට කියල දෙන්නෙ නැහැ. ප්‍රජනන පද්ධතිය උගන්වන්න එන මිස් ලැජ්ජාවෙ ඇඹරිලා පාඩම පන්නලා යනව. හැබැයි එයා තොත්ත බබා. අර උදාවූ යෞවනය කියල පොතක් එවල තිබුණා. ඒක පාසල්වල පොත් අල්මාරි අස්සෙ. උගන්වන්න ඕන තැන්වලින් සෞඛ්‍ය ගැන කියා නොදුන්නම මේ වගේ ගෑනුත් නොවන පිරිමිත් නොවන අය ළඟට කොල්ලෝ යනව" ටිකක් උස් හ¾ඩින් කතා කළේ කළුතර, බේරුවල, අලුත්ගම සිට හික්කඩුව දක්වාම සංචාරය කරන ත්‍රිරෝද රථ රියැදුරෙක්ය.
මාට්ටු වෙච්ච රූපලාවණ්‍ය ශිල්පියාගෙන් මනාලියන්ට කරදරයක් නැහැ. සුද්දෙක් මේ හාදයත් එක්ක හාද වෙලා. ඊට පස්සෙත් අතරමැදි යාළුවත් තවත් කොල්ලොත් එක්කත් නැළවි නැළවි හිටියා. මේ මනුස්සයා වැඩිය ආදරේ කොල්ලන්ට නිසා බිරියටත් කාන්තා විමුක්තිය තියෙනවා. කොහොමහරි මේ ගෑනු කෙනා ලෙඩ වෙලා. චෙක් කළාම ලෙඩේ ඔඩු දිව්ව කියලයි අපිට ආරංචි. ඒ විතරක් නෙමෙයි මේ ළමයි දෙන්නට අමතර තවත් ළමයි දෙතුන් දෙනෙක්ගෙ විස්තර දැනගන්න පුළුවන්.

හරිනම් අම්ම අප්ප ළඟ නැති ආච්චිගෙ ළඟ ඉඳගෙන ඉඳ හිට පාසල් පැත්තෙ ගිය මේ දරුවො වැරැදි නැහැ. මවුපියො හිටියත් හොයා බලන්නෙ නැහැ. මේ පැත්තෙ හැම ළමයෙක් ළඟ 'ස්මාට්' ජංගම දුරකතන තියෙනවා. ඒ අය නොබලපු සෙක්ස් එකක් තිබුණොත් තමයි ප්‍රශ්නය. මේව නතර කරන්න නෙමෙයි දරුවො දැනුවත් කරන්න ඕනා. මෙයාල මේකත් හංගගෙන හිටියා. මාධ්‍යයට ගියාම හායි හූයි කියල දේශන, දැනුවත් කිරීම් කරනවා යැයි අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි උපකාරක පන්ති පවත්වන ආයතනයක සේවකයෙක් කීවේය.
"කළුතර ඉඳලා මොරගල්ලට යනකම් ගෙස්ට් හවුස්, කාමර කුලියට දෙන ස්ථාන කී දාහක් තියෙනවාද? ඒවයෙ ගෑනු, පිරිමි ලගිනව නම් කමක් නැහැ. කොල්ලො කෙල්ලො විතරක් නෙමෙයි දෙකටම නැති එකාල හොඳ ගාණකට විකිණෙනවා. සමහර එකාලට සල්ලි ඕනත් නැහැ. මෙයාලට එච්.අයි.වී. තියෙනවද. ආරක්ෂා වෙන්නෙ කොහොමද කියල කියා දෙන්නෙ නැහැ. මේ වෙරළ තීරයෙ තියෙන මුඩුක්කු අයින් කරන්න බැහැ. නමුත් ලෙඩේ නැතිව වැඩේ කරගන්න කියල දෙනව නම් අවුලක් නැහැ. පාසල් ළමයින් දෙන්නගෙ තත්ත්වයේ තව ළමයි ඉන්න පුළුවන්. ගෑනුත් නැතුව නෙමෙයි. ගංජා මලටයි, හක්ක පටස් චුයින්ගම් එකටයි, හෙරොයින්වලට යන පාර කියන්න කීයක් හරි හොයාගන්න බලන්නෙ.
ප්‍රවෘත්ති පළවුණා කියල නඩු දාන්න වලිකන පාසල්වල උත්තමයන් වැඩිහිටි දරුවන්ට ජීවිතේ ගොඩ යන හැටි කියල දුන්න නම් පොත පතට සීමා වෙච්ච යෞවනය, ශරීර අවයව තමන්ගෙ අයිතිවාසිකම්, යුතුකම් වගේම කොල්ලො කෙල්ලො හැසිරෙන්න ඕන විදිය කියල දුන්න නම් ලේ චෙක් කරගන්න යද්දි ගුරුවරුන්ට බයක් ඇතිවෙන්නෙ නැහැ. මිනිස්සුන්ගෙ මානව අවශ්‍යතා විධිමත්, සංවර හා ආරක්ෂාකාරී විදියට ඉටු කරගන්න කියල දෙන්න පාසල් දරුවන්ගෙ එච්.අයි.වී. ආසාදිත ප්‍රමාණය ගැන පත්තර පිටු පිරෙන තෙක් සෞඛ්‍ය බලධාරීන් බලා සිටිය යුතු නැහැ කියල අලුත්ගමෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.
වාසනාවටත්, අවාසනාවටත් අලුත්ගම කියන්නෙ සෞඛ්‍ය ඇමැතිතුමාගෙත්, පළාත් සෞඛ්‍ය ඇමැතිතුමාගෙත් ළඟපාත තියෙන නිතර යන එන පාසල් ගම් බිම් නිසා ඒ උත්තමයන්ටත් නැවත නැවත ලේ පිරිසුදු කර ගන්න මේක හොඳ පාඩමක් වනු ඇත.
-මතුගම-වසන්ත කුමාර_මව්බිම

Share this
|
|
0 Comment to "අලුත්ගම සිසුන්ට ටොෆි, චොකලට් දීලා ‘ඒඩ්ස්’ තෑගි දුන්න නපුංසක නරුමයෝ "
Post a Comment