22 March, 2017

දේශපාලකයන්ගේ දුරකථන අංක අන්තර්ජාලයේ

Australian politicians

සිය ගණනක්‌ ඔස්‌ට්‍රේලියානු දේශපාලනඥයන්ගේ පෞද්ගලික දුරකථන අංක වැරදීමකින් අන්තර්ජාලයේ පළකර තිබූ බව වාර්තාවේ.

එසේ පෞද්ගලික දුරකථන අංක ප්‍රසිද්ධියට පත්වූ දේශපාලනඥයන් අතර හිටපු අගමැතිවරුන් තිදෙනෙකුගේ නම් ද ඇතුළත්වී ඇත.

දුරකථන සහ භාවිත කළ දත්ත සඳහා වූ පාර්ලිමේන්තු වියහියදම් පිළිබඳ වාර්තාවක මෙම තොරතුරු අඩංගු වී තිබුණි.

එම තොරතුරු ඉවත්කරගෙන ඇත්තේ මාස තුනකට වැඩිකාලයක්‌ ඒවා අන්තර්ජාලයේ පළවී තිබීමෙන් පසුවය.

එම දුරකථන අංක සුදු පැහැයෙන් තිබීම නිසා පරිගණක තිරය මත අදෘශ්‍යමානව තිබුණ ද එම දත්ත 'කොපි' කර වෙනත් ලිපිගොනුවකට 'පේස්‌ට්‌' කිරීමෙන් පසු දැකගැනීමට හැකිවූ බව වාර්තාවේ.

_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දේශපාලකයන්ගේ දුරකථන අංක අන්තර්ජාලයේ"

    Post a Comment