01 February, 2017

අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟයේ සිදුවන වෙනස ?

sl-cricket-team

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතයි.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවරෙන බවයි ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු පීඩනයකින් තොරව අද පැවැත්වෙන දෙවන තරඟයට සිය කණ්ඩායම මුහුණ දෙන බවයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය පැවැත්වුණේ පෝට් එළිසබත්හිදී.

එම තරගය කඩුලු 8 කින් ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒමේ අභියෝගය ද සමගින්.

දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී.

මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගයකදී එකිනෙකා හමුවි ඇත්තේ එක් වරක් පමණයි.

2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැති එම තීරණාත්මක තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු සම වීමෙන් අවසන් වුණා.

අද තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, දඟ පන්දු වන්නන්ට සහ දක්වන තණතිලිලක් කිංග්ස්මිඩ් ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වීම අපහසු බැවින් ජෙෆ්රි වැන්ඩර්සේ අද තරගයට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

එසේ වුවහොත් තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණට හෝ චතුරංග ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි ඩර්බන් නුවරින් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.

_හිරු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟයේ සිදුවන වෙනස ?"

    Post a Comment