01 February, 2017

රුසියාවටත් එහා ගිය ලංකාවේ ගණිකා ජාවාරම

prostitutes-sri-lanka

රුසියාව ගැන මහා උජාරුවෙන් කතා කරන රුසියාවේ ජනාධිපති පුටින් ඊයේ පෙරේදා තවත් උජාරු කතාවක් කිව්වා එයාගේ රට ගැන. මගේ රට තමයි හොඳම ගණිකාවන් ඉන්න රට. පුටින් ඕන්න ඔය කතාව මහත් උජාරුවෙන් කිව්වේ සමහර විට එයා අපේ රටේ පත්තර එහෙම නිකමටවත් බලන්නේ නැති නිසා වෙන්න ඇති.

පුටින් එහෙම කිව්වට පහුගිය දවස් වල කොළඹ පැත්තේ පොලිසි වලින් ගණිකා නිවාස වටලපු වාර අනන්තයි. ශරීරය විකුනලා සල්ලි හම්බ කරන මේ බිස්නස් එකේ අඵත්ම වැටලීම කොම්පඤවීදියේ පොලිස් වසමේදී ඊයේ සිද්ධ වුනා. හැබැයි මේ වැටලීම කලේ මරදාන පොලිසියෙන්.

අවුරුදු 18 ඉදලා අවුරුදු 26 දක්වා වයස් වල සුන්දර සුරූපි තරුණියෝ 10 දෙනෙක් මේ වැටලීමේදි පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒත් එක්කම මේ ගණිකා නිවස පවත්වාගෙන ගියපු පිරිමි දෙන්නෙකුගෙත් දෑත් වලට විලංගු වැටුනා.

අම්බලන්ගොඩ, සීදුව, මතුගම, වේයන්ගොඩ, තිස්සමහාරාම වගේ විවිධ පලාත් වල පදංචිකාරියෝ මේ රස්සාව කරලා අත්අඩංගුවට පත්වුනා. සමහරු විවිධ රැකියාවල් හොයා ගෙන ඇවිල්ලා කපටි කෛරාටිකයන්ට අහුවෙලා මේ වෘත්තියට යොමු වෙලා තිබුනා. නිළියෝ, මොස්තර නිරූපිකාවෝ වෙන්න හිතන් ගමෙන් නගරයට ආපු ගෑණු ලමයිත් මේ මඩගොහොරුවට අහුවෙලා හිටියා. කොහොම වුනත් මොන හේතුවෙන් කොළඹට ආවත් මේ අයගේ රැකියා ස්ථානය වෙලා තිබුනේ මේ ගනිකා නිවස.

රුසියාව තියන් ඉන්න මේ රෙකෝඞ් එක අපේ රට කැඩුවොත් පුටින්ට දුක හිතෙයි ඔන්න ඒකට අපිට කරන්න දෙයක් නෑ.

-gossipking

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රුසියාවටත් එහා ගිය ලංකාවේ ගණිකා ජාවාරම"

    Post a Comment