01 February, 2017

ට්‍රම්ප්ට බ්‍රිතාන්‍යට ආරාධනා කිරීමත් සමග මහ රැජින අපහසුතාවට!

බ්‍රිතාන්‍ය අගමැතිනිය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘රාජ්‍ය සංචාරයක්’ සඳහා ආරාධනා කරනු ලැබීම මගින් බ්‍රිතාන්‍ය මහ රැජින අපහසු තත්වයකටපත්කර ඇති බව බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් රිකිට්ස් සාමිවරයා සඳහන් කර තිබෙනවා.

බීබීසීයට අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් රිකිට්ස් සාමිවරයා මේබව සඳහන් කර තිබුණා.

එරිකිට්ස් සාමිවරයා සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු බලයට පත්වී වසරක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ ‘රාජ්‍ය සංචාරයකට’ ආරාධනා කිරීම පෙර නොදුටුවිරූ දෙයක් බවයි.

සාමාන්‍ය නිල සංචාරයකට වඩා රාජකීය පිළිගැනීමක් රාජ්‍ය සංචාරයකදී ලැබෙන අතර එහිදී රටට පැමිණෙන නායකයා මහ රැජින විසින් පිළිගනු ලැබීම අනිවාර්ය වනවා.

donald-trump-04

_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ට්‍රම්ප්ට බ්‍රිතාන්‍යට ආරාධනා කිරීමත් සමග මහ රැජින අපහසුතාවට!"

    Post a Comment