19 January, 2017

රැග් එකට එරෙහි වූ සරසවි සිසුවාට සිසුන් අට දෙනකු හොඳටම ගහලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට එම පීඨයේම නවක වදයට පක්ෂ සිසු පිරිසක් විසින් සිදුකළ බව කියන පහරදීමකින් තුවාල ලද සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතන කොරිඩෝවේදී ඊයේ (18දා) පෙරවරු 10.30ට පමණ මේ පහරදීම සිදුව තිබේ. සිද්ධිය සියැසින් දුටු විශ්වවිද්‍යාල දෙවැනි වසරේ සිසුවියන් දෙදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයාගේ පුතකු බව පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ බව කියන සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

ගැටුමේ පාශහ්වකරුවන් වන සිසු පිරිස විශ්වවිද්‍යාලයේ රැඳී සිට ඇත්තේ ඔවුන්ට අධ්‍යයන දේශන නොපැවැතියදී බව මේ සම්බන්ධව කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක් කීය.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මඟින් මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

beaten-gang

-මහනුවර - කමල් සුරවීර - මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රැග් එකට එරෙහි වූ සරසවි සිසුවාට සිසුන් අට දෙනකු හොඳටම ගහලා"

    Post a Comment