19 January, 2017

හමුවුණු පළමු දිනයේදීම පෙම්වතා එක්ක වල්මත්වුණු පෙම්වතිය මහ රෑ පාළු මාර්ගයක අසරණ වූ හැටි

couple-umbrella-motorcycle-road

"අනේ මට ගෙදර යන්න බැහැ"

"මාව එක්කන් ගිහින් කසාද බඳින්න"

‍Facebook සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ හඳුනාගත් පුද්ගලයකුට රැවටී තමන් සතු වටිනාම දේ ඔහුට පූජා කළ බව කියන 19 හැවිරිදි තරුණියක් පිළිබඳව පුවතක් වාර්තාවෙලා තිබුණා.

ඇය මෙම සිදුවීමට සතියකට පමණ ඉහතදී සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ තරුණයකු හඳුනාගෙන තිබුණා.

ඔහු කොළඹ ප්‍රදේශයේ වැඩපලක කාර්මිකයකු වශයෙන් සේවය කරන අයකු බවයි ඇයට කියලා තිබුණේ.

මොවුන් දෙදෙනා ෆේස් බුක් ඔස්සේ හඳුනාගෙන සතියක් ගතවනවිට අදහස් හුවමාරු කර ගැනීම අතින් බොහෝ දුර ගිහිල්ලා.

ඒ අනුව තරුණියගේ නාඩි වැටෙන අයුරු හොඳින් වටහාගත් තරුණයා තමා හමුවීම සඳහා නගරයට එන ලෙසට තරුණියට ආරාධනාවක් කරලා.

මිතුරාගේ ඇරයුම මහත් ඉහළින් පිළිගත් තරුණියද තමන්ට එවැනි අවස්ථාවක් ලැබීම කෙරෙහි මහත්සේ සතුටට පත්වුණා.

මෙම තරුණිය තමන් යෙහෙළියක හමුවීමට යන බවට සිය මවට පවසා පසුදින උදෑසනම ජැන්ඩියට හැඳ පැලඳගෙන මිතුරා හමුවීම සඳහා සැතපුම් 40ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන නගරයකට ගිහින් තියෙනවා.

මග සලකුණු ඔස්සේ කතිකාකරගත් පරිදි නියමිත ස්ථානයකදී දෙදෙනාට දෙදෙනා මුණ ගැසිලා.

තරුණිය මෙන්ම ජැන්ඩියට හැඳ පැළඳගත් තරුණයාද සිය ගොදුර ඩැහැ ගැනීම සඳහා අමතර හිස්වැසුමක්ද සහිතව යතුරුපැදියකින් නගරයට පැමිණ සිටියා.

මේ අතර එදින සවස අදාළ නගරයට සැතපුම් 40කට පමණ දුරින් පිහිටි පොලිස්බල ප්‍රදේශයක අතුරු මාර්ගයක් ඔස්සේ හඬා වැළපෙමින් ප්‍රධාන මාර්ගය දෙසට දිව එන නාඳුනන තරුණියක ඒ අවට වැසියන් පිරිසක් දැක තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඔවුන් තරුණියගේ ගමන වළක්වා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට බාරදීමට කටයුතු කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අනාවරණය වූ තොරතුරුවලට අනුව තමන්ට පළමු වතාවට එදින උදෑසන නගරයේදී හමුවූ ෆේස් බුක් මිතුරා සමග මෙම තරුණිය රිසිසේ විනෝදවෙලා.

ඒ අනුව පෙම්වතුන් බවට පත් වූ ඔවුන් අනතුරුව සිනමා ශාලාවක විශේෂ නැරඹුම් කුටියකද තනිවී සිට ඇත.

සිනමා ශාලාවේ සිහින ලෝකයෙන් අවදිව ඉන් පිටතට පැමිණි පසු තරුණිය සිය පෙම්වතාගෙන් ඉල්ලීමක් කරලා තිබුණේ මෙලෙසයි.

"අනේ මට ගෙදර යන්න බැහැ. මාව එක්කන් ගිහින් කසාද බඳින්න" යනුවෙනි.

ඒ තමන්ට යළිත් නිවසට යා නොහැකි බවත් තමා රැගෙන ගොස් විවාහ කර ගන්නා ලෙසයි.

තරුණියගේ ඉල්ලීම බරපතළ එකක් බව මෙහිදී තරුණයාට අවබෝධ වන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ.

ඒ ඔහු එවැන්නක් බලාපොරොත්තුවෙන් ඇය ඇසුරු නොකළ නිසාය. එහෙත් ඔහු ඒ බවක් තරුණියට නොහඟවා ඇය සිය යතුරුපැදියට නංවාගෙන ඇති අතර එසේ නංවාගත් තරුණිය නාඳුනන පෙදෙසකට රැගෙන ගොස් මෙසේ අතරමග දමා තරුණයා පලාගිහින් තිබුණා.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හමුවුණු පළමු දිනයේදීම පෙම්වතා එක්ක වල්මත්වුණු පෙම්වතිය මහ රෑ පාළු මාර්ගයක අසරණ වූ හැටි"

    Post a Comment