19 January, 2017

ජීවිතයේ අසීරු ගමනක යෙදෙන ආබාධ රැසකින් පෙළෙන ‘ඉඳුවර’

siyum-induwara

ගණේමුල්ල, කළුවල පාරේ පදිංචි සියුම් ඉඳුවර ආබාධ රැසකින් පෙළෙන දරුවෙකි.

කඳුළු කැට අතරේ ජීවිතය සොයන සියුම්ගේ දෑස්වලින් ඔහුට මෙලොව එළිය දකින්නට වාසනාව උදා වුණේ වසර ගණනාවකට පසුවය. උපතේ සිටම දෙ ඇසේම කළු ඉංගිරියාවක් නොමැතිව උපත ලැබූ සියුම්ගේ මුළු දෑසම වැසී ඇත්තේ සුදු ඉංගිරියාවෙන්ය. මේ කඳුළු කතාව සවන් වැකුණු එක් පින්බර මහතකු සියුම්ව සිංගප්පූරුවට රැගෙන ගොස් එක ඇසක් සුවපත් කරදී ඇත.

මෙරටදී කළ ශල්‍යකර්මය අසාර්ථක වීමෙන් සියුම්ගේ එක ඇසක් සුවපත් කළ නොහැකි තත්ත්වයට පත්වී තිබේ.

දෑතේ ඇඟිලි සියල්ල එකතු වී ඇඟිල්ලක් හෝ වෙන් නොවී එකදු ඇඟිල්ලක් හෝ හඳුනාගත නොහැකි තත්ත්වයේ තිබුණු ඔහුගේ ඇඟිලි දෙක තුනක් පමණක් මේ වන විට රිජ්වේ ළමා රෝහල සැත්කමකින් වෙන්කර දී තිබේ.

ඇඟිලි ලෙස වෙන් නොවුණද පෙනෙන්නට ඇති ආකාරයෙන් ඇඟිලි 20ක්ම දෑතේ ඇත. සියුම්ට
ඇඟිලි තුඩු නැති නිසා බේ්‍රල් ඉගැනුමට ඇති අවස්ථාව අහිමි වී ගොස් ඇත. ඒ දෑතේ කතාවයි. දෙපයේ එක් පාදයක පතුලට ආසන්නයේ ඇඹරී ගිය විකෘතිතාවක් සහිතව පාද දෙකේම වෙන් නොවුණු ඇඟිලි 40කුත් ඇති සියුම් දෙපා වාරුවෙන් ඇවිද යන්නේද අමාරුවෙනි. ඔහුගේ එම විකෘති පාදය ශල්‍ය කර්මයකින් වෙන් කොට බොරු කකුලක් ආධාරයෙන් ඇවිදීම සියුම්ට යම් පහසුවක් ලබා දේ යැයි වෛද්‍ය මතය වේ.

මේ සියලු ආබාධ දුක් අතරේ ඇසේ ශල්‍යකර්මයෙන් මොළයේ ස්නායුවලට සිදු වූ හානිය හේතුවෙන් අද සියුම් විටින් විට සිහිමුර්ඡා තත්ත්වයට පත් වේ.

සුළු ව්‍යාපාරයකින් ජීවිතය ගැට ගසාගෙන ජීවත් වන ඔවුන්ගේ ජීවිතය ඉතා කටුක දුක් කම්කටොලු මධ්‍යයේ ඉදිරියට ඇදේ.

මෙවන් වූ පීඩා රැසක් උර මත දරා දිවි ගමනේ අසීරු ගමනක යෙදෙන සියුම්ට ශක්තියක්, ධෛර්යයක් වීමට පින්වත් ඔබට විවර වන කදිම අවස්ථාවකි මේ.

සියුම්ගේ ලිපිනය – 149/86/4, අඹහේන වත්ත, කළුවල පාර, ගණේමුල්ල., ගිණුම් අංකය – ඩබ්ලිව්. ඒ. ඩිශානි හංසිකා, 107853856685, සම්පත් බැංකුව, ගණේමුල්ල.

හර්ෂනී අර්සකුලරත්න

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජීවිතයේ අසීරු ගමනක යෙදෙන ආබාධ රැසකින් පෙළෙන ‘ඉඳුවර’"

    Post a Comment