17 January, 2017

අනියම් ප්‍රේමයේ හැඟීම්වලින් වල්මත්වුණු මවක් නිසා දියණියන් දෙදෙනෙකුගේ ජීවිතවලට අත්වුණු ඉරණම

daughters-abused-mothers-lover

තරුණියකගේ යොවුන්විය යනු දඟකාර හැඩකාර කාලයයි. ඉතින් මේ සොඳුරු වයස හරි ලස්සනයි. ඒ වගේම ඒ වයස ලස්සනට මලක් වගේ පරිස්සම් කර ගන්න ඕන.

ඒ ලස්සන යොවුන්විය පරිස්සමින් ගෙව්වේ නැත්නම් සමහරවිට මුළු ජීවිතයම අපායක් වෙන්න පුළුවන්.

නමුත් ලස්සන පිපෙන්න තිබුණු මල් වගේ ලස්සන තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත දෙකක් මවකගේ අන්ධ වූ හැඟීම් නිසා අකාලයේ මිලානවී ගිය පුවතක් වාර්තාවෙලා තිබුණා.

නෙත්මි සහ ජීවනී එකම පවුලේ දියණියන් වූ අතර නෙත්මි පවුලේ වැඩිමහල් දියණිය වූ අතර ඔවුන්ගේ පියා ඔවුන් හැරදමා සදහටම යන්න ගොස් තිබුණේ මව සමඟ මල් කැකුළු වැනි දියණියන් තනිකරමින්ය.

සිය දියණියන් දෙදෙනා පාසල් ගිය පසු ඔවුන්ගේ මව පාළුවෙන් බලාගෙන සිටින්නේ ඔවුන් දෙදෙනා නෙත ගැටෙන තුරුයි.

ඒ අතරතුර ඇය සැමියා සහ ගෙවූ කාලය සිහිපත් කළේ ඇස් වලට කඳුළු එකතු කරමිනි. සිය දරුදෙදෙනා සමඟ සැමියා එකතුව ලස්සන පුංචි කැදැල්ලක සුව සෙව්වා ඇයට අමතක නැත.

නමුත් ඇගේ සැමියා රිය අනතුරකින් මිය යන්නේ ඇය නොසිතූ වෙලාවකයි. මේ නිසයි ඈ දරු දෙදෙනා සමඟ තනි වුණේ.

මේ අතරතුරයි අසල්වැසියෙකු වූ සුනිල් ඔවුන්ගේ නිවසට පැමිණෙන්නේ. ඇය සමඟ සුනිල් කාලයත් සමඟ ලෙන්ගතු වන්නේ සැමියා නැති නිසාම නොවේ.

ඔහු විසින් ඇයගේ දියණියන් දෙදෙනාට හැකි පමණින් උදව් උපකාර කිරීම නිසා ඇයගේ සිත සුනිලේගේ පැමිණීම ගැන අකමැත්තක් ගෙන දුන්නේ නැහැ.

ඇයත් නොසිතු මොහොතක සුනිල් දවසක් නිවසට එනවිට අතීතය මතක් කරමින් සිටි ඇයගේ දෙනෙත් කඳුලින් බර වී තිබුණා.

එහිදී සුනිල් ඇමතු ඇය පැවසුවේ "මගේ ගෙවුණු ලස්සන අතීතේ මතක් වුණා අයියේ.එයා නැති අඩුව මට ගොඩක් දැනෙනවා දෙයියනේ" යනුවෙනි.

"තනිවුනා කියල හිතන්න එපා. නංගිගේ හැමදේකටම මේ සුනිල් අයියා ඉන්නවානේ". ලෙස කිව්වා සුනිල් ඇයගේ යටි සිතට කළේ යටපත්වුණු ගැහැණියකගේ හැඟීම් අවදි කරමින්ය.

මේ ආකාරයට මුලින්ම වචනයෙන් අයගේ සිතට ලංවීමට සුනිල්ට හැකිවුණා. ඒ වගේම ඇයගේ දියණියන් දෙදෙනා ගැන සේවිල්ලෙන්ද පසු වූ අතර ඔවුන්ගේ අඩුපාඩු සොයා බලන්නට ඔහු අමතක කළේ නැහැ.

පිරිමියෙක් නැති මේ නිවසට සුනිල් යම් අස්වැසිල්ලක් ගෙන දුන්නා. මේ නිසා කාලයත් යද්දීම ඇයත් සුනිල්ට ලෙන්ගතුවුනා. දරු දෙදෙනෙක් සිටින මවක් බවත් ඇයට අමතකවුණා.

දියණියන් පාසල් ගිය පසු මේ දෙන්නාගේ ආදර ලෝකේ නිදහසේ තනිවීමට හැකිවුණා. මේ නිසා දිවා රාත්‍රී නොබලා සුනිල්ට ඇයගේ නිවසට පැමිණීමට හැකිවුණා.

ඒ යන අතරතුරදී නෙත්මි සහ ජීවනීට විවිධ කෑම ජාති ගෙනවිත් දෙමින් ඔවුන් දෙදෙනා සතුටු කිරීමටත් වග බලාගත් නිසා වැඩි සැලකිල්ලක් දියණියන් දෙදෙනා කෙරෙහි මව දැක්වුයේ නාහැ.

මොකද ඇයගේ ලෝකයේ සැමියා සුනිල්ය. මේ කාලය තුළදී ජීවනී ලස්සනම ලස්සන තරුණියක් ලෙස වැඩිවියට පත්වූ අතර නෙත්මිත් එලෙසම රුවැත්තියක් විය.

එක් දවසක් නිවසේ වැඩ කටයුතු ඉක්මණින් නිමා කරමින් සුනිල් එන තෙක් මඟ සිටියේ සුනිල් සමඟ ප්‍රේම ලෝකයේ තනිවන්නටයි. එදා සුනිල් ආවේ නැති නිසා ඇය නින්දට ගියාය.

නමුත් මධ්‍යම රාත්‍රී වෙද්දී සුනිල් ආවේ මත්වතුර ටිකකුත් තොල ගාගෙනය. එදා රාත්‍රී සුනිල් සතුටු කළ කාන්තාව තද නින්දේ පසුවිය. මේ නිසා මත්වතුරින් සප්පායම් වී සිටි සුනිල්ගේ රාගී දෙනෙතට හසුවූයේ නිදා සිටින ජීවනීගේ රුවය.

දියණියක් දුටුකල පියෙක් තුළ ඇතිවූ හැඟීමක් ඔහු කෙරේ ඒ වෙද්දී ඇතිවුයේ නැහැ. ඔහුට සිය හැඟීම් පාලනය කර ගැනීමට හැකිවුයේ නැහැ.

දවස්වල සුනිල් සතුටු කළ ඇය නින්දේ සිටිද්දීම සුනිල් විසින් පියුමි දියණියගේ ලස්සනම ලෝකය විනාශ කර දැමුවේ මවගේ උන්මාන්දණිය හැඟුම් අතරේ මව නිදිගත් මොහොතකයි.

මේ කිසිවක් පියුමිගේ මව දැනගෙන හිටියේ නැහැ. නමුත් පෙරදා මෙන්ම සුනිල් ඇයගේ පහස ලැබුවා. එහෙත් සුනිල් ගෙදර එනවිට ජීවනී මුවැත්තියක් මෙන් බියවුණා.

ජීවනීගේ දුක වේදනව කියන්නට කව්රුත් හිට්යේ නැහැ. ඇයගේ මවද සුනිල්ගේ ප්‍රේමයෙන් අන්ධ වෙලා හිටිය නිසා මේ දේවල් මවට පෙනුණේ නැහැ.

ජීවනීගේ අධ්‍යාපන කටයුතුද දිනෙන් දින පරිහානියට පත්වුණා.

මෙලෙස කාලය ගතවෙද්දී නෙත්මිත් සුනිල්ගේ ගොදුරක් බවට පත්වුණා. මේනිසා ලස්සන මල් කැකුළු දෙකක් අකාලයේ මිලානවී ගියා.

ඒ වේදනාව දරාගත නොහැකිව නිවසේදීම සකුණි අසනීපවුණා. නමුත් සුනිල් මේ දියණියන් දෙදෙනාත් විනාශ කරමින් ඔවුන්ගේ මවද ප්‍රේමයෙන් අන්ධ කළා.

දැඩි අසනීප තත්ත්වයක සිටි ජීවනී රෝහල්ගත කළේ කාලය ගතවීමත් සමඟයි. රෝහලේදී අනාවරණ වූයේ ජීවනී අතවරයට ලක්ව ඇති බවයි.

සියල්ල දැනගත් පසු මේ දියණියන් දෙදෙනාගේ මවට ආපසු හැරී සිය දියණියන් දෙදෙනාගේ ලෝකය නැවත සකස් කළ නොහැකිය.

මව ප්‍රේමයෙන් අන්ධවීම නිසා අකාලයේ වියැකී ගියේ දියණියන් දෙදෙනෙකුගේ ලස්සන අනාගත ලෝකයයි.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් ප්‍රේමයේ හැඟීම්වලින් වල්මත්වුණු මවක් නිසා දියණියන් දෙදෙනෙකුගේ ජීවිතවලට අත්වුණු ඉරණම"

    Post a Comment